මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මතය වන අතර එ මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු කිරීම අත්‍යවශ්‍ය නො වේ. මේ දක්වා නිරීක්ෂණය කොට ඇති කරුණු පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙළ කරනු ලබයි. එම වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත් තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙයි.
- නව දේශීය ආදායම් පනතෙහි දායකත්වය සහිත ව 2018 රජයේ අයවැය මගින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අඛණ්ඩ ව පවත්වා ගත යුතු ය.
- උද්ධමනය සහ ණය වර්ධනය මත වන පීඩනය කෙරෙහි මුදල් ප්‍රතිපත්තියේ අවධානය තවදුරටත් යොමු විය යුතු ය.
- අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා සහ සැමට ප්‍රතිලාභ දෙන වර්ධනයක් තිරසාර ව පවත්වා ගැනීම සඳහා අඛණ්ඩ ව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
කොළඹ දී සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අතරතුර දී බලධාරීන් සමඟ සිදු කළ සාධනීය සාකච්ඡාවලින් අනතුරු ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම විසින් වොෂින්ටන් නුවර දී පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී.














