පවතින සහ වෙනස් වන දේශීය හා ජාත්‍යන්තර සාර්ව ආර්ථික වාතාවරණය සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 ජූනි මස 22 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයෙහි අදහස වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය.
මුදල් මණ්ඩලයෙහි මෙම තීරණය මැදි කාලීන ව උද්ධමනය මැදි-තනි අගයක මට්ටමේ පවත්වා ගැනීමත් එ මගින් තිරසාර වර්ධන මාවතකට පහසුකම් සැලසීමත් යන අරමුණ හා අනුකූල වේ. මෙම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා වූ පසුබිම පහත පරිදි වේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව 2017 වසරේ පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 3.8කින් වර්ධනය විය. අහිතකර කාලගුණික තත්ත්වය මත විශේෂයෙන් ම කෘෂිකර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් කෙරෙහි වූ අහිතකර බලපෑම හේතුවෙන් පළමු කාර්තුව තුළ දී ආර්ථික වර්ධනය මන්දගාමී විය. ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය හේතුවෙන් කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ අතර සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් මන්දගාමී වර්ධනයක් වාර්තා කළේ ය. වසරේ දෙ වන භාගය තුළ දී ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.