Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව - 2026 ජුනි’ ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) 2026 ජුලි 31වන දින නවතම ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව’ (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් මත පදනම්ව සහ නම්‍යශීලී විදේශ විනිමය අනුපාතික ක්‍රමයක සහය ඇතිව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී, මහ බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් සහ විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය සහ අවබෝධය වැඩිදියුණු කිරීම මෙම වෙළඳපොළ මෙහෙයුම් වාර්තාවේ අරමුණයි. 

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2026 ජූලි මාසයේ දී ඉහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 6.8හි සිට 2026 ජූලි මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගියේය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර නොවන කාණ්ඩයෙහි නිවාස කුලී සංශෝධනය සහ ආහාර උද්ධමනයේ සංඛ්‍යානමය පදනම් බලපෑමය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර උද්ධමනය 2026 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 3.6හි සිට 2026 ජූලි මාසයේ දී සියයට 6.3 දක්වා ඉහළ ගිය අතර, එය මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන උද්ධමනය 2026 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 8.4හි සිට 2026 ජූලි මාසයේ දී සියයට 7.8 දක්වා පහළ ගියේය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2026 ජූනි

විදේශීය අංශය කෙරෙහි මැද පෙරදිග සිදුවීම්වල බලපෑම අඛණ්ඩව පිළිබිඹු කරමින් 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා විය. 

2026 ජුනි මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල ඉහළ යෑමක් වාර්තා විය

ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජුනි මාසයේ දී දර්ශකාංක 60.0ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසවල දී ප්‍රදානය කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මේ සඳහා හේතු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගනී

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

මැදපෙරදිග කලාපයේ යළිත් වර්ධනය වී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන්, විශේෂයෙන් ඛනිජතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙම ප්‍රවණතා හේතුවෙන් ගෝලීය ආර්ථික ඉදිරි දැක්ම මන්දගාමී වීමට ඉඩ ඇති අතර, එමගින් ආකාර කිහිපයක් ඔස්සේ දේශීය ආර්ථිකයට ද බලපෑම් එල්ල විය හැකිය.

2025 ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ජේදය තුළ මූල්‍ය බුද්ධි ඒකකය විසින් වාර්තාකරණ ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

Pages

නිවේදන