මූල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුව

මූල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුව යනු සාර්ව විචක්ෂණතා ප්‍රතිපත්තිය හා අනුකූල ව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සුරක්ෂිත කිරීමට දායක වීමේ අරමුණ ඇතිව, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත විසින් පිහිටුවන ලද ව්‍යවස්ථාපිත කමිටුවකි. 

මූල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුවේ බලතල, යුතුකම් සහ කාර්යයන්:

  1. මූල්‍ය පද්ධතියට බලපෑම් ඇති කරන,හඳුනාගත් පද්ධතිමය අවදානම් හට ගැනීමට අවම කිරීම සඳහා සාර්ව විචක්ෂණතා ප්‍රතිපත්තිය අධ්‍යයනය කිරීම. 
  2. සාර්ව විචක්ෂණතා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය.
  3. මහ බැංකු පනතේ 69 වන වගන්තිය යටතේ මහ බැංකුවේ යෝජනාවක් මත, හඳුනාගත් අවදානම්වලට ප්‍රතිචාරයක් ලෙස නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ ව මහජන බලධාරීන්ට සහ මූල්‍ය අංශ බලධාරීන්ට නිර්දේශ නිකුත් කිරීම සහ අවශ්‍ය යැයි හැඟෙන්නේ නම්, එම නිර්දේශ මහජනතාව වෙත ලබා දීම. 
  4. එහි නිර්දේශ සමඟ අනුකූලතාව අධීක්ෂණය කිරීම.

මූල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුවෙහි සංයුතිය පහත පරිදි වේ:

සභාපති

 අධිපති , ශ්‍රී ලංකා මහ බැංකුව

සාමාජිකයින්

සාර්ව විචක්ෂණතා ප්‍රතිපත්තිය භාර මහ බැංකු නියෝජ්‍ය අධිපති
නියාමනය සහ අධීක්ෂණය භාර මහ බැංකු නියෝජ්‍ය අධිපති 
භාණ්ඩාගාර ලේකම් විසින් නම් කරන ලද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙක්
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී
මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් පත් කළ හැකි තවත් අයෙක්

මූල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුව විසින් වෙනත් ඕනෑම මහජන බලධාරියෙකුට ඔවුන්ගේ මතයන් ප්‍රකාශ කිරීම සඳහා මෙම කමිටුවේ රැස්වීම්වලට ආරාධනා කරනු ලැබිය හැකිය. 

මූල්‍ය පද්ධති අධීක්ෂණ කවුන්සිලයෙහි ලේකම් කාර්යාලය

සාර්ව විචක්ෂණතාතා අධ්‍යයන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

පද්ධති අධීක්ෂණ කමිටුව අවම වශයෙන් කාර්තුවකට වරක් රැස්වේ. එමෙන්ම ඕනෑම විශේෂ රැස්වීමක් සභාපතිවරයා විසින් හෝ අවම වශයෙන් ඡන්ද බලය සහිත සාමාජිකයන් දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීමක් මගින් කැඳවිය හැකිය.