අංක 24, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 1 යන ස්ථානයේ පිහිටි හොංකොං ඇන්ඩ් ෂැංහයි බෑන්කින්ග් කෝපරේෂන් ලිමිටඩ් (HSBC) ආයතනය 2016 අප්‍රේල් 1 දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස ක්‍රියා නො කරන බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. එ නමුත් HSBC ආයතනය තවදුරටත් නිර්ලේඛන සුරැකුම්පත් සඳහා ද්වීතියික වෙළෙඳපොළේ සෘජු සහභාගීකාර අලෙවිකරුවෙකු ලෙස කටයුතු කරන අතර තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිර්ලේඛන සුරැකුම්පත් ගනුදෙනුවල නිරත වීම සහ ඔවුන් වෙනුවෙන් ලංකාසෙක්‍යුහි ගිණුම් පවත්වා ගෙන යෑම සිදු කරනු ඇත.















