රාජ්‍ය ණය කළමනාකරණය
මුදල් නීති පනතේ 113 වගන්තියට අනුව රාජ්‍ය ණය කළමනාකරණය හා සම්බන්ධ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, රජය වෙනුවෙන් ණය උපකරණ නිකුත් කිරීම සහ රජයේ දේශීය හා විදේශීය ණය සේවාකරණය සම්බන්ධ සියළු කටයුතු මෙහෙයවීම සිදු කරයි. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් විදේශීය මූලාශ්‍ර වලින් ණය ලබාගැනීම සම්බන්ධ කටයුතු මෙහෙයවනු ලැබේ.
විචක්ෂණශීලී අවදානම් මට්ටමකට සහ අනුරූපව අවම පිරිවැයක් යටතේ රජයේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමත්, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොල වැඩිදියුණු කිරීම හා ශක්තිමත් කිරීමත්, එහි කාර්යක්ෂමතාවය වැඩි කිරීම හා ස්ථායිතාවය පවත්වාගෙන යාමත් රාජ්‍ය ණය කළමනාකරණයේ අරමුණු වේ. රාජ්‍ය ණය කළමනාකරණයේදී අනුගමනය කළ යුතු උපාය මාර්ගයන්, අරමුණු පිළිබඳව කිසියම් නීතියකින් පැහැදිලි ලෙස දක්වා නොමැති වුවද, රාජ්‍ය ණය කළමනාකරණය තුලින් පහත සඳහන් අරමුණු ඉටු කර ගැනීමට අදහස් කරන බව පැහැදිළිව ගම්‍ය වේ.
- දිගුකාලින දෘෂ්ඨිකෝණයකින් බලන විට රාජ්‍ය ණය සඳහා වූ ඍජු හා වක්‍ර පිරිවැය අවම කිරීම
- ණය සේවාකරණ පිරිවැයෙහි උච්ඡාවචනයන් මගහැරීම සහ එහි තුලිත ව්‍යාප්තියක් සහතික කිරීම
- ණය ගෙවීම් අධික ලෙස ඒකරාශී වීම වැලැක්වීම
- ණය ප්රතිමූල්යකරණ අවදානම/නැවත නිකුත් කිරීමේ අවදානම අවම කිරීම
- රජයේ සුරැකුම්පත් වෙළෙඳපොල ක්‍රියාකාරිත්වයේ කාර්යක්ෂමතාවය ප්‍රවර්ධනය කිරීම
- රාජ්‍ය ණය සේවාකරණය 100% ක නිරවද්‍යතාවයකින් යුක්තව නියමිත වේලාවට සිදු කිරීම
උපාය මාර්ගික රාජ්‍ය ණය කළමනාකරණයෙහි සමස්ත නීරීක්ෂණය
මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත වන දේශීය ණය කළමනාකරණ කමිටුව විසින් දේශීය ණය කළමනාකරණය පිළිබඳ ක්රමෝපායයන් සැලසුම් කරනු ලැබේ. මාසිකව රැස්වන මෙම කමිටුව වෙළෙඳපොල තත්ත්වයන්, වෙළෙඳපොලෙහි රුචිකත්වයන්, මූල්‍යමය සංවර්ධනයන්, උද්ධමනය, රජයේ මූල්‍ය අවශ්‍යතාවයන්, පවත්නා ණය කළඹෙහි පරිණත වීමේ ව්‍යුහය හා අවදානම ආදිය සලකා බලමින් වෙළෙඳපොල හැසිරීම පදනම් කරගත් ක්රමෝපායයන් සම්මත කරගනු ලැබේ. මෙම ක්රමෝපායයන් මත පදනම්ව සකස් කරගනු ලබන වාර්ෂික හා මාසික ණය ලබාගැනීමේ සැලසුම් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඉදිරි මෙහෙයුම් අංශය මගින් කි‍්‍රයාත්මක කරනු ලැබේ. සම්පත් රැස් කිරීම සඳහා පවතින ප්‍රධාන උපකරණ වනුයේ භාණ්ඩාගාර බිල්පත් (දින 91, දින 182 සහ දින 364 පරිණතීන්ගෙන් සමන්විත), භාණ්ඩාගාර බැඳුම්කර (අවුරුදු 2 - 20 පරිණතීන්ගෙන් සමන්විත) සහ රුපියල් ණය (අවුරුදු 3 - 30 පරිණතීන් සහිත) වේ. රජයේ ණය සුරැකුම්පත් නිකුත් කිරීම සඳහා භාවිතා කරන ආයතනික යාන්ත්‍රණය ප්‍රාථමික අලෙවිකරු ක්‍රමයයි. වෙන්දේසි මගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කර ඇති රජයේ සුරැකුම්පත්හි ප්‍රාථමික අලෙවිකරුවන් වෙතට ප්‍රාථමික නිකුතු සිදු කරනු ලැබේ. ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇති ඉලෙක්ට්‍රොනික ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් ලංසු කැඳවීමෙන් වෙන්දේසි සිදු කරනු ලැබේ.
දේශීය ණය කළමනාකරණ උපාය මාර්ගයන් ප්‍රධාන වශයෙන්ම පහත දැක්වෙන කටයුතු කෙරෙහි යොමු වී ඇත:
(අ) පුළුල් මූල්‍යකරණ සහ ආයෝජක පදනමක් සංවර්ධනය කිරීම මගින් අවම පිරිවැයක් යටතේ රජයේ මූල්‍ය අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් සම්පත් රැස් කිරීම
(ආ) මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) ලෙස හඳුන්වන රජයේ සුරැකුම්පත්හි රාජ්‍ය ණය ලේඛනය පවත්වාගෙන යාම සහ සියළු රජයේ සුරැකුම්පත් හා සම්බන්ධ ගනුදෙනු 100% ක නිරවද්‍යතාවයකින් යුතුව මධ්‍යම තැන්පතු ක්‍රමය යටතේ සටහන් වී ඇති බව සහතික කිරීම
(ඇ) දේශීය හා විදේශීය ණය සේවාකරණය නියමිත වේලාවට සිදු කිරීම
(ඈ) කෙටිකාලීන හා දිගුකාලීන ණය අතර මනා සමබරතාවයක් සහතික කරමින්, ණය කළඹෙහි අවදානම පිළිගත හැකි මට්ටමක පවත්වා ගැනීම
(ඉ) දිගුකාලීන ඵලදා වක්‍රයක් හා පාදක පරිණතීන් සහිත සුරැකුම්පත් ගොඩනැගීම, වෙළෙඳපොල සඳහා ප්‍රමාණවත් ලෙස සුරැකුම්පත් සැපයීම සහ ආයතනික සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුලින් මනා කි‍්‍රයාකාරිත්වයක් සහිත ණය සුරැකුම්පත් වෙළෙඳපොලක් හඳුන්වා දීම
(ඊ) පවත්නා සාර්ව ආර්ථික වර්ධනයන් සහ වෙළෙඳපොල තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, කාලෝචිත ණය කළමනාකරණ උපාය මාර්ගයන් පිළිබඳව මුදල් අමාත්‍යාංශයට උපදෙස් දීම
(උ) රජයේ ණය කළමනාකරණය හා සම්බන්ධ තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, පවත්වාගෙන යාම සහ නවීකරණය කිරීම
මෙම ණය ගෙවිම් පිළිබඳ වගකීම් අධීක්ෂණය කිරීම සහ නියමිත වේලාවට සේවාකරණය කිරීම සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කර ඇත. වාර්ෂික සහ මාසික ණය පුරෝකථනයන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ පසු මෙහෙයුම් අංශය විසින් අධීක්ෂණය කරනු ලබන අතර ගෙවිම් පිළිබඳ වගකීම් අභ්‍යන්තර කමිටුවක් විසින් පරීක්ෂා කර අනුමත කරනු ලැබේ. 2004 වර්ෂයේ සිට ගෙවීම, පියවීම සහ දේශීය ණය සේවාකරණය නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතිය (SSSS) සහ තත්කාලීන දල පියැවුම් පද්ධතිය (RTGS) මගින් සිදු කරනු ලැබේ. මධ්‍යම තැන්පතු ක්‍රමය නමින් හඳුන්වනු ලබන ඉලෙක්ට්‍රොනික හිමිකම් ලේඛනයක රජයේ සුරැකුම්පත් සම්බන්ධ සියළු ගනුදෙනු පවත්වාගෙන යාම මගින් ආයෝජක රුචිකත්වය තහවුරු කර ඇත. නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතිය සහ තත්කාලීන දළ පියැවුම් පද්ධතිය තුලින් අරමුදල් පියවීම සිදු කිරීමෙන් ගණුදෙනු ප්‍රමාණය වැඩි කිරීමටත්, වෙළෙඳපොල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත්, එමගින් ණය ලබාගැනීමේ පිරිවැය දිගුකාලීනව අඩු කිරීමටත් හැකියාව ලැබේ.
ඒ අනුව, 2019 - 2023 කාල පරාසය සඳහා මැදිකාලීන ණය උපායමාර්ගය මෙතනින්.
ප්‍රාථමික අලෙවිකරු ක්‍රමය
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොල ව්‍යාප්ත කිරීම හා එහි පදනම් පුළුල් කිරීම සහ අවම පිරිවැයක් යටතේ අරමුදල් රැස් කිරීම යන අරමුණු සහිතව කැපවූ ප්‍රාථමික අලෙවිකරු ක්‍රමය (PD) 2000 වසරේදි හඳුන්වා දෙන ලදී. වර්තමානයේ ප්‍රාථමික අලෙවිකරුවන් 15 දෙනෙකු මෙම කටයුතුවල නිරතව සිටි. වෙළෙඳපොල අවදානමට නිරාවරණය වීම අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පුළුල් කිරීම සඳහා 2009 දෙසැම්බර් 02 දින සිට සැලකියයුතු සීමාවන්ට යටත්ව ඔවුන්ගේ කි‍්‍රයාකාරිත්වය විවිධාංගිකරණය සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ට අවසර ලබා දෙන ලදී. ප්‍රාථමික අලෙවිකරු පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ස්ථායිතාවය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය විධි විධාන නිකුත් කිරීම, මගපෙන්වීම සහ ප්රතිපත්තීන් සම්පාදනය ද රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් එතැන් පරීක්ෂණ සහ දුරස්ථ පරීක්ෂණ පැවැත්වීම ද සිදු කරනු ලබයි.
ණය කළඹෙහි තොරතුරු පවත්වාගෙන යාම
ණය ගෙවීම් සහ සේවාකරණ වගකීම් ඇතුළුව සියළු විදේශ ණය වාර්තා මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ඇති පොදු රාජ්‍ය මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද “පොදු රාජ්‍ය මණ්ඩලීය ණය වාර්තාකරණ සහ කළමනාකරණ පද්ධතිය” (CS-DRMS) නමින් හඳුන්වන දත්ත පදනමක පවත්වාගෙන යනු ලැබේ. දේශීය ණය හා සම්බන්ධ තොරතුරු ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය තුළ සහ වෙනත් ආරක්ෂිත දත්ත පදනම් වල පවත්වාගෙන යනු ලැබේ.
ණය කළඹ පිළිබඳ තොරතුරු මහජනතාවගේ සහ වෙළෙඳපොල සහභාගිකරුවන්ගේ දැනගැනීම සඳහා සතිපතා, මාසිකව සහ වාර්ෂිකව ප්‍රසිද්ධ කරනු ලැබේ.
භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර මත විදේශ ආයෝජන
ආයෝජක පදනම පුළුල් කිරීම සඳහා, නොපියවූ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර තොගයන්ගෙන් සියයට 10.0 ක් බැගින් වූ උපරිමයකට යටත්ව භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොල විදේශීය ආයෝජකයන්ට සහ විදේශයන්හි පදිංචි හා විදේශ රටවල රැකියාවල නියුතු ශ්‍රී‍්‍ර ලාංකිකයින් වෙත විවෘත කරන ලදී.