2026 සැප්තැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 සැප්තැම්බර් මාසයේ දී 53.0ක දර්ශක අගයක් වාර්තා කළ අතර, එය පෙර මාසයේ අගයට සාපේක්ෂව නොවෙනස්ව පැවතිණි. මේ මඟින් සැප්තැම්බර් මාසය තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් පෙර මාසයට සමාන වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි.















