Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ ශ්‍රී ලංකා සංචාරය නිමා වෙයි

රටක සංචාරය අවසන් කිරීමෙන් පසු නිකුත් කරනු ලබන පුවත්පත් නිවේදනයන්හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණයන් ඇතුළත් වේ. මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර එ මඟින් අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වයේ හෝ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු නො කෙරෙයි. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වාර්තාවක් පිළියෙළ අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙයි.

හොංකොං ඇන්ඩ් ෂැංහයි බෑන්කින්ග් කෝපරේෂන් ලිමිටඩ් (HSBC) ආයතනය ප්‍රාථමික අලෙවිකාරත්වයෙන් ඉවත් වෙයි

අංක 24, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 1 යන ස්ථානයේ පිහිටි හොංකොං ඇන්ඩ් ෂැංහයි බෑන්කින්ග් කෝපරේෂන් ලිමිටඩ් (HSBC) ආයතනය 2016 අප්‍රේල් 1 දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස ක්‍රියා නො කරන බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. එ නමුත් HSBC ආයතනය තවදුරටත් නිර්ලේඛන සුරැකුම්පත් සඳහා ද්වීතියික වෙළෙඳපෙ‍ාළේ සෘජු සහභාගීකාර අලෙවිකරුවෙකු ලෙස කටයුතු කරන අතර තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිර්ලේඛන සුරැකුම්පත් ගනුදෙනුවල නිරත වීම සහ ඔවුන් වෙනුවෙන් ලංකාසෙක්‍යුහි ගිණුම් පවත්වා ගෙන යෑම සිදු කරනු ඇත. 

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 මාර්තු

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකා ආර්ථිකය මූර්ත වශයෙන් පෙර වසරේ පැවැති සියයට 4.9 හා සාපේක්ෂ ව 2015 වසරේ දී සියයට 4.8කින් වර්ධනය වී ඇත. 2015 වසර තුළ දී සියයට 5.3කින් වර්ධනය වූ සේවා අංශය ආශ්‍රිත ක්‍රියාකාරකම් ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. පිළිවෙළින් සියයට 5.5කින් සහ සියයට 3.0කින් වර්ධනය වෙමින් කෘෂිකාර්මික හා කාර්මික අංශ ද ආර්ථික වර්ධනයට ධනාත්මක ලෙස දායක විය. ආයෝජන ක්‍රියාකාරකම්වල පසුබෑම හමුවේ පර්භෝජන ඉල්ලුමේ ඉහළ යෑම 2015 වසරේ මෙම වර්ධනයට හේතු විය. 

2016 පෙබරවාරි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 ජනවාරි මාසයේ දී වාර්තා කළ සියයට -0.7 හි සිට 2016 පෙබරවාරි මාසයේ දී සියයට 1.7 දක්වා ඉහළ ගියේ ය. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ආහාර කාණ්ඩයේ සමස්ත මිල පහළ යෑම ඉක්මවා යමින් මධ්‍යසාර පාන වර්ග සහ දුම්කොළ; රෙදිපිළි හා පාවහන්; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; සෞඛ්‍ය; ප්‍රවාහන සහ විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩවල දක්නට ලැබුණු සැලකිය යුතු මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන් ආහාර නො වන කාණ්ඩය ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් දායක විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 ජනවාරි මස වාර්තා වූ සියයට 2.9 හි සිට 2016 පෙබරවාරි මස දී 2.6 දක්වා පහළ ගියේ ය. 

2015 දෙසැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළෙඳ හිඟය පුළුල් වීම, සංචාරක ඉපැයීම්හි අඛණ්ඩ ඉහළ වර්ධනය සහ මධ්‍යස්ථ මට්ටමක පැවැති විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සමඟ 2015 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. 2015 වසරේ දී සමුච්චිත පදනම මත වෙළෙඳ හිඟය සුළු වශයෙන් වැඩි වූ අතර සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස වර්ධනය විය. මේ අතර 2015 වසරේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණයන්හි සුළු පහළ යෑමක් වාර්තා විය. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් නිකුත් කිරීම සහ ඉන්දියානු සංචිත බැංකුව සමඟ විදේශ විනිමය හුවමාරු ගිවිසුමකට එළඹීම මගින් ලද ලැබීම් 2015 වසරේ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ප්‍රධාන ලැබීම් විය. 

සම්පූර්ණ ලිපිය

2016 ජනවාරි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2015 දෙසැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.2 හි සිට 2016 ජනවාරි මාසයේ දී සියයට -0.7 දක්වා පහළ ගියේ ය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ 2015 අනුරූප කාල පරිච්ඡේදයේ දී පැවැති ඉහළ පදනමයි. වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය 2015 දෙසැම්බර් මස වාර්තා වූ සියයට 3.8 හි සිට 2016 ජනවාරි මස දී 2.9 දක්වා පහළ ගියේ ය. 

Pages