Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ප්‍රාථමික අලෙවිකරුවෙකු මත ගනු ලබන නියාමන ක්‍රියාමාර්ගය - පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, 2018 පෙබරවාරි මස 14 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී හි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2018 පෙබරවාරි මස 15 වැනි දින පෙ.ව. 10.00 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.

මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසි වලට පෑන් ඒෂියා බැංකුවට සහභාගි වීමට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ. කෙසේ වෙතත්, මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිඳු බලපෑමක් ඇති නොවේ. 

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2018 අංක 1

පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2018 පෙබරවාරි 14 වන දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගැනීමට තීරණය විය.

මැදිකාලීන ව උද්ධමනය මැදි-තනි අගයක මට්ටමේ පවත්වා ගෙන යෑම සහ එමගින් තිරසාර වර්ධනයකට පහසුකම් සැලසීමේ අරමුණ සමඟ මුදල් මණ්ඩලයේ මෙම තීරණය අනුකූල වේ. මෙම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා තුඩු දුන් සාධක පහත පරිදි වේ. 

රාජ්‍ය ණය වාර්තා කිරීම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කරයි

2018 පෙබරවාරි 8 වැනි දින රාජ්‍ය ණය වාර්තා කිරීම සහ ගිණුම් පවත්වා ගැනීම පිළිබඳ ව පැවැති මාධ්‍ය වාර්තා කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. 

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන් සංසරණ තත්ත්වයේ පවතින සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරයි

2018 පෙබරවාරි 4 දිනට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1000 ක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 4 වැනි සමරු මුදල් නෝට්ටුව ද වේ.

සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්‍ෂණ සළකුණු දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුව හා සමාන වන අතර පහත සඳහන් වෙනස්කම් පමණක් සිදු කර ඇත.

2017 නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සඳහා විදේශීය ආයෝජන ඉහළ යෑම හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් අඛණ්ඩ ව ඉහළ යෑම සහ සංචාරක ඉපැයීම්වල සුළු වර්ධනය, 2017 වසරේ නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සඳහා හිතකර ලෙස දායක විය. 2016 නොවැම්බර් මාසයේ දී අපනයන වටිනාකම අඩු අගයක් ගැනීම හේතුවෙන් 2017 නොවැම්බර් මාසයේ දී අපනයන අංක දෙකක අගයක වර්ධනයක් වාර්තා කරනු ලැබුව ද, ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින අහිතකර ආර්ථික හා භූ-දේශපාලනික තත්ත්වය හේතුවෙන් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ව පහත වැටුණි. ඒ අනුව, 2017 වසරේ නොවැම්බර් අවසානය වන විට ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.0 ක අතිරික්තයක් වාර්තා කළේය. 2017 නොවැම්බර් අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය ද, 2016 වසර අවසානයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 6.0 සිට එක්සත් ජනපද ඩොලර් බිලියන 7.3 ක් (ආනයනික මාස 4.2 කට ප්‍රමාණවත් වන පරිදි) දක්වා වර්ධනය විය.

සම්පූර්ණ ලිපිය

2017 දෙසැම්බර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2017 නොවැම්බර් මාසයේ පැවැති සියයට 8.4ට සාපේක්ෂ ව 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.3ක් දක්වා පහළ ගියේ ය. 2016 දෙසැම්බර් මාසයේ දී පැවැති ඉහළ පදනම් අගය මෙම පහළ යෑමට හේතු විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.5 හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.7 දක්වා ඉහළ ගියේ ය.

මාසික වෙනස්වීම් සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 නොවැම්බර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 124.6හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී දර්ශක අංක 126.6 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම මෙම සුළු මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. එළවළු, මාළු සහ රතු ළුෑණුවල මිල ගණන් ඉහළ යෑමක් දක්නට ලැබුණි. කෙ‍ සේ නමුත් සහල්, අමු මිරිස් සහ කෙසෙල් මිල ගණන් පහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩයේ සැලකිය යුතු මිල ඉහළ යෑමක් වාර්තා නො විණි. 

Pages

නිවේදන