ප්‍රාග්ධන ප්‍රවාහ තවදුරටත් ලිහිල් කිරීම සහ ජංගම ගිණුම් ගනුදෙනු සහ විවිධ වර්ගයේ විදේශ ව්‍යවහාර මුදල්/රුපියල් ගිණුම් සම්බන්ධයෙන් වූ ක්‍රියාවලීන් තවදුරටත් සරල කිරීම සඳහා නව විදේශ විනිමය නීති හඳුන්වාදෙන බව රජය විසින් 2016 අයවැය යෝජනාවේ ප්‍රකාශයට පත්කරන ලදී.
මෙම නිවේදනය හා සමගාමී ව, 1953 අංක 24 දරන විනිමය පාලන පනත ඉවත් කරමින් 2017 නොවැම්බර් 20 දින සිට විදේශ විනිමය මෙහෙයුම් සඳහා වූ නව නෛතික සහ ප්‍රතිපත්ති රාමුවක් 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගින් හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුතින් පිහිටුවන ලද විදේශ විනිමය දෙපාර්තමේන්තුව මගින් නව පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ ගරු අමාත්‍යවරයා විසින් නව පනත යටතේ නිකුත් කළ නියෝග සහ නියම 2017 නොවැම්බර් 17 දිනැති අංක 2045/56 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර 2017 නොවැම්බර් 20 දින විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ විසින් අදාළ විධිවිධාන බලයලත් වෙළෙඳුන්ට නිකුත් කරන ලදී.
වැඩි විස්තර අපගේ www.dfe.lk යන වෙබ් අඩවියෙන් හෝ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැක.
දුරකථන: 011 2477433-අතිරේක අධ්යක්ෂ
011 2477207/248/375-නියෝජ්‍ය අධ්යක්ෂවරුන්
011 2398641-ප්‍රතිපත්ති හා පර්යේෂණ අංශය
011 2477358/651-ප්‍රාග්ධන ගනුදෙනු අංශය