2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මුදල් සමාගමක් වන ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර වර්තමානය වන විට ඉතා ඉක්මනින් විසඳිය යුතු උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් ව ඇත. ආයතනය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනා ගැනීම සඳහා අවස්ථා ගණනාවක දී ප්‍රයත්න දැරුව ද එම ප්‍රයත්න තවමත් ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැත. ආයතනය වර්තමාන තත්ත්වය යටතේ ක්‍රියාත්මක වීමට ඉඩ දීම තුළින් ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ ආයතනය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ යහපත තවදුරටත් අවම වනු ඇත.














