මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන මූල්‍ය කාර්යසාධක බලකාය (Financial Action Task Force – FATF) විසින් ශ්‍රී ලංකාව එහි ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණ කර ඇති බවට මූලික නිර්ණය ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවත්වීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බවට සහ එම කටයුතු තිරසාර මට්ටමින් පවත්වා ගෙන යනු ලබන බවට ද, එ මෙන් ම අනාගතයේ දී ඒ සඳහා අවශ්‍ය දේශපාලන කැපවීම පවතින බවට ද තහවුරු කර ගැනීම සඳහා වූ එතැන් පරීක්ෂාවක් නිර්දේශ කරන ලදී. 2019 පෙබරවාරි 20 - 22 කාල පරිච්ඡේදය තුළ දී පැරීසියේ පවත්වනු ලැබූ මූල්‍ය කාර්යසාධක බලකා සැසි වාරයේ දී මෙම තීරණය ගන්නා ලදී.














