ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුකූල ව ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ මෙහෙයුම් අංශයන් හා බැඳුණු ක්‍රියාවලියන්හි විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර කිරීමේ අභිලාෂයෙන් ආරම්භ කරන ලද්දා වූ සහ ක්‍රියාවට නැංවූ පියවර පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක වන නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කිරීම සඳහා, පියවර රැසක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත. මුදල් නීති පනතට සහ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම් ආඥා පනතට සංශෝධන මේ වනවිට සකස් කරමින් පවතී.
භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ ව නව වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දීම මඟින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලිය ශක්තිමත් කර ඇත. භාණ්ඩාගාර බිල්පත් සඳහා ද ඊට සමාන ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී. ලංසු තැබීමට පෙර පවත්වනු ලබන රැස්වීම නිරන්තරයෙන් පවත්වනු ලබන අතර, වෙන්දේසි දින දර්ශනය කල් තබා ප්‍රසිද්ධ කිරීමත් සම්පූර්ණ පිරිනමන මුදල ඉක්මවා ලංසු භාර නො ගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමත් සිදු කර ඇත. නිකුතුව හා සම්බන්ධ ක්‍රියාවලියට අදාළ අභ්‍යන්තර පාලන ක්‍රම වේද වඩාත් ශක්තිමත් කර ඇති අතර මෙහෙයුම් අත් පොත යාවත්කාලීන කර ඇත.