කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය, අපේක්ෂිත පරිදි 2017 මාර්තු මාසයේ දී පැවැති සියයට 7.3 සිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 6.9 දක්වා අඩු වූ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය ද පෙර මාසයේ දී වාර්තා කරන ලද සියයට 7.3 සිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 6.8 දක්වා අඩු විය. 2017 මාර්තු මාසයේ දී ඉහළ ගිය ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013=100) මගින් මනිනු ලබන උද්ධමනය ද, 2017 අප්‍රේල් මාසයේ දී එ වැනි ම අඩු වීමක් පෙන්නුම් කරනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 2016 වසරේ දී සිදු කරන ලද බදු සංශෝධනවල පදනම් බලපෑම සහ සැපයුම් අංශයෙහි ඇති වන කෙටිකාලීන අවහිරතා හේතුවෙන් යම් මාසවල දී උද්ධමනයෙහි කිසියම් උච්චාවචන ඇති වුව ද, 2015 වසර අවසානයේ සිට මුදල් ප්‍රතිපත්තියෙහි සිදු කරන ලද ගැලපීම් හේතුවෙන් 2017 වසර අවසානය වන විට උද්ධමනය අපේක්ෂිත මැදි තනි අගයක මට්ටම දක්වා ක්‍රමානුකූල ව අඩු වනු ඇතැ යි පුරෝකථනය කෙරේ.















