Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2016 ඔක්තෝබර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

සංචාරක ඉපැයීම් අඛණ්ඩ ව වර්ධනය වුව ද, වෙළෙඳ හිඟය පුළුල් වීම හේතුවෙන් 2016 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායම සුළු වශයෙන් වර්ධනය වුව ද ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ දී වෙළෙඳ හිඟය පුළුල් විය. වරාය නගර නිර්මාණ ව්‍යාපෘතියෙහි කැණීම් කටයුතු සඳහා භාවිත කරන යාත්‍රාවක් ආනයනය කිරීම මූලික කොට ගෙන 2016 ඔක්තෝබර් මාසයේ දී ආනයන වියදම කැපී පෙනෙ‍න ලෙස වැඩි විය. මේ අතර, 2016 ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සුළු වශයෙන් වැඩි වූ අතර, සංචාරක ඉපැයීම්වල හිතකර වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි විය. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ ලැබීම් සහ රජය විසින් ලබා ගත් දිගු කාලීන ණය මගින් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශක්තිමත් වුව ද, 2016 වසරේ ඔක්තෝබර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ ගෙවීමක් දැකිය හැකි විය.

සම්පූර්ණ ලිපිය

2016 දෙසැම්බර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.1 හි සිට 2016 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. 2016 දෙසැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2016 දෙසැම්බර් මාසයේ දී ද පසුගිය මාසයේ වාර්තා වූ සියයට 4.0 හි නො වෙනස් ව පැවතුණි. 

කොළඹ 5, විශාඛා විද්‍යාලයීය ශත සංවත්සරය වෙනුවෙන් සමරු කාසියක් නිකුත් කිරීම

කොළඹ 5, විශාඛා විද්‍යාලයට වසර 100 ක් පිරීම නිමිත්තෙන්, රටෙහි ප්‍රමුඛතම පාසලක් ලෙස එය ජාතියට සිදු කරන ලද දායකත්වය ඇගැයීමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රුපියල් 2,000 ක් වන සංසරණය නො වන රිදී සමරු කාසියක් නිකුත් කරන ලදී. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් 2017.01.23 වැනි දින විශාඛා විද්‍යාලයීය ජෙරමියස් දියෙස් ශාලාවේ දී, මෙහි පළමු කාසිය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබී ය. 

සම්පූර්ණ ලිපිය

 

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශය

සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෑත කාලයේ දී මාධ්‍ය වාර්තා ගණනාවක් ප්‍රකාශයට පත් වී ඇත. 

මේ වන විට, මුදල් මණ්ඩලයේ උපදෙස් මත, 2015 හා 2016 වසරවල දී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ සේවක අර්ථසාධක අරමුදල විසින් සිදු කරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී. මෙ වැනි පරීක්ෂණයක දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින් සිදු කළ කටයුතු ද පරීක්ෂාවට ලක් වන හෙයින්, 2015 හා 2016 වසරවල දී රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම් හා ඒ හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් බාහිර ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන මෙන් නීති ක්‍රියාත්මක කරන බලධාරීන් වෙතින් ද ඉල්ලා ඇත. 

සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්, විශේෂයෙන් ම එහි ආයෝජන සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, පසුගිය මාස 6 ක කාල සීමාව තුළ මුදල් මණ්ඩලය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. මෙකී ක්‍රියාමාර්ග මගින් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් තවදුරටත් තහවුරු වනු ඇත. 

 

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2016 දෙසැම්බර්

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 දෙසැම්බර් මාසයේ දී 58.3 ක දර්ශක අගයක් වාර්තා කරමින් අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ 59.7 ක දර්ශක අගයක සිට දෙසැම්බර් මාසයේ දී 59.8 ක දර්ශක අගයක් දක්වා සුළු වශයෙන් ඉහළ යන ලදී.

ම්පූර්ණ ලිපිය

2016 සැප්තැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළෙඳ හිඟය අඩු වීම සහ සංචාරක ඉපැයීම්වල අඛණ්ඩ ඉහළ යෑමත් සමඟ 2016 සැප්තැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය වර්ධනය විය. අපනයන ආදායම ඉහළ යෑම සමඟ ම ආනයන වියදම පහළ යෑම හේතුවෙන් සැප්තැම්බර් මාසය තුළ දී වෙළෙඳ හිඟය අඩු විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සුළු අඩු වීමක් පෙන්නුම් කළ ද, 2015 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ් ව 2016 සැප්තැම්බර් මාසය තුළ දී සංචාරක ඉපැයීම් වර්ධනය විය. තව ද, කොළඹ කොටස් වෙළෙඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ විදේශීය අයෝජන සහ රජය වෙත වූ දිගු කාලීන ණය ලැබීම් 2016 සැප්තැම්බර් මාසය තුළ මූල්‍ය ගිණුම ශක්තිමත් කිරීම සඳහා දායක විය. 

සම්පූර්ණ ලිපිය

Pages