ජනලේඛන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවේ තාවකාලික ඇස්මේතන්තු අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2015 වසරේ පැවැති සියයට 4.8ක මූර්ක වර්ධනයට සාපේක්ෂ ව 2016 වසර තුළ දී සියයට 4.4කින් වර්ධනය විය. මෙම වාර්ෂික වර්ධනය තුළ ඉදිකිරීම් ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 6.7කින් සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතර, මූල්‍ය සේවා, රක්ෂණ සහ විදුලි සංදේශ සේවා පුළුල් වීම ප්‍රධාන වශයෙන් හේතු කොට ගෙන සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 4.2කින් වර්ධනය විය. කෙ සේ වෙතත්, 2016 වසරේ දෙවන කාර්තුවේ දී ඇති වූ ජල ගැලීම් සහ අවසාන කාර්තුවේ දී පැවැති නියඟ තත්ත්වය තුළින් ඇති වූ සැපයුම් අංශයේ අවහිරතා හේතුවෙන් 2016 වසරේ දී කෘෂිකර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 4.2කින් පහළ ගියේ ය. අහිතකර කාලගුණ තත්ත්වය සහ ගෝලීය ප්‍රවණතා වැනි බාහිර අභියෝග මධ්‍යයෙහි 2016 වසරේ අවසාන කාර්තුව තුළ දී ඊට පෙර වසරෙහි පැවැති අඩු වර්ධනයෙහි පදනම් බලපෑම ද සහිත ව වුව ආර්ථිකය සියයට 5.3ක වර්ධනයක් වාර්තා කරමින් 2016 වසර අවසානය වන විට ඉහළ වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය.














