2018 ජනවාරි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 දෙසැම්බර් මාසයේ පැවැති සියයට 7.3ට සාපේක්ෂ ව 2018 ජනවාරි මාසයේ දී සියයට 5.4ක් දක්වා පහළ ගියේ ය. මේ සඳහා 2017 ජනවාරි මාසයේ දී පැවැති ඉහළ පදනම් අගය මෙන් ම 2018 ජනවාරි මාසයේ දී ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම ද හේතු විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.7 සිට 2018 ජනවාරි මාසයේ දී සියයට 7.6 දක්වා පහළ ගියේ ය. 

මාසික වෙනස් වීම සැලකූ විට, ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකය 2017 දෙසැම්බර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 126.6 සිට 2018 ජනවාරි මාසයේ දී දර්ශක අංක 125.8 දක්වා පහළ ගියේ ය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් පහළ යෑම විශේෂයෙන් එළවළු, අමු මිරිස්, පොල්, රතු ළුෑණු සහ සහල් මිල ගණන් පහළ යෑම මෙම මාසික පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. කෙ සේ නමුත්, මාළු සහ ඇතැම් පලතුරු මිල ගණන් ඉහළ ගියේ ය. මේ අතර, ආහාර නො වන කාණ්ඩය තුළ ආපන ශාලා සහ හෝටල්, සහ ප්‍රවාහන උප කාණ්ඩයන්හි මිල ඉහළ යෑම් දක්නට ලැබුණි. 

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය 2017 සැප්තැම්බර් මාසයේ සිට පෙන්නුම් කළ ආකාරයට තවදුරටත් පහළ යෑමේ නැඹුරුවක් අනුගමනය කළේ ය ඒ අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 දෙසැම්බර් මාසයේ දී පැවැති සියයට 2.7 සිට 2018 ජනවාරි මාසයේ දී සියයට 2.1 දක්වා පහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 4.9 සිට 2018 ජනවාරි මාසයේ දී සියයට 4.5 දක්වා පහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Wednesday, February 21, 2018