2017 දෙසැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය 2017 දෙසැම්බර් මාසයේ දී අඛණ්ඩ ව වර්ධනය වූ අතර ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ඉහළ යෑම මීට ප්‍රධාන වශයෙන් හේතු විය. 2017 දෙසැම්බර් මාසයේ දී අපනයන ආදායම ඉහළ වේගයකින් වර්ධනය වුව ද, ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් විය. කෙ සේ වුව ද, පුළුල් වූ වෙළෙඳ හිඟය සංචාරක ඉපැයීම් හා විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ව ලැබීම හේතුවෙන් යම් තාක් දුරකට සමනය විය. කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රාග්ධන ලැබීම්වල දක්නට ලැබුණු වර්ධනය මෙම මස තුළ දී ද අඛණ්ඩ ව දක්නට ලැබුණි. විදේශීය අංශයේ වූ හිතකර වර්ධනයන් පිළිබිඹු කරමින් 2017 වසරේ දී ගෙවුම් තුලනයේ එක්සත් ජනපද ඩොලර් මිලියන 2,068ක අතිරික්තයක් වාර්තා වූ අතර, 2017 වසර අවසානය වන විට රටෙි දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 8.0ක් විය. මේ අතර, 2017 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල සියයට 2.0කින් අවප්‍රමාණය විය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, February 22, 2018