Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2025 ඔක්තෝබර්

2025 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයෙහි ජංගම ගිණුම අඛණ්ඩව දෙවන මාසයටත් හිඟයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, 2025 වසරේ පළමු මාස දහය සඳහා මුළු ජංගම ගිණුම් අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.7ක් පමණ ලෙස ඇස්තමේන්තු කර ඇත.

2025 වසරේ ඔක්තෝබර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඉහළ ගිය අතර, මෙයට ප්‍රධාන වශයෙන් ම ආනයනවල සැලකිය යුතු ඉහළ යෑම හේතු විය.

2025 ඔක්තෝබර් මාසයේ දී ඉදිකිරීම් කටයුතු තවදුරටත් වර්ධනය විය

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 64.3ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසයේ දී වාර්තා වූ ඉහළම අගයට පසුව වාර්තා වූ මෙම ඉහළ අගය මගින් ඉදිකිරීම් කටයුතුවල තිරසාර ධනාත්මක දැක්මක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගනී

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස් ව පවත්වා ගැනීමට තීරණය කළේ ය. වෙනස්වන දේශීය හා ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.

තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම

1988 අංක 30 දරන (සංශෝධිත)බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව  SGO/sgomine.com” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 ඔක්තෝබර්

2025 ඔක්තෝබර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 61.0ක අගයක් වාර්තා කළේය. මෙම වැඩිවීම පුළුල් පදනමක් මත සිදුවූ අතර සියළුම උප දර්ශක මෙම ප්‍රසාරණය සඳහා ධනාත්මක ලෙස දායක විය. 

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි සංශෝධන සඳහා මහජන අදහස් විමසීම

මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම, අනවසර මුදල් ව්‍යාපාර විමර්ශනය කිරීම සහ නඩු පැවරීම, ශක්‍ය නොවන මුදල් සමාගම් නිරාකරණය සහ ගණන් බේරා වසා දැමීම යන අවශ්‍යතා හඳුනා ගනිමින්, මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා කර ඇත. 

Pages