ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 මැයි මාසයේ දී දර්ශකාංක 59.1ක අගයක් වාර්තා කරමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක් පිළිබිඹු කළේය. අප්‍රේල් මාසයේ උත්සව සමයේදී මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේදී යථා තත්ත්වයට පත් වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් සඳහන් කරන ලදී
ඉදිකිරීම් ව්‍යාපෘති පිරිනැමීම ඉහළ යෑම පිළිබිඹු කරමින් නව ඇනවුම් දර්ශකය මැයි මාසය තුලදී තවදුරටත් වර්ධනය විය. එසේම, නව සේවක බඳවාගැනීම් හේතුවෙන් සේවා නියුක්ති දර්ශකය තවදුරටත් ඉහළ ගියේය. කෙසේ වෙතත්, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ සමාගම් විසින් පුහුණු ශ්‍රමික හිඟය අවධාරණය කරන ලදි. ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයත් සමග මැයි මාසයේ තොග මිලදී ගැනීම් දර්ශකය ඉහළ ගියේය. එසේ වුවද, බිටුමන් (තාර) වැනි අමුද්‍රව්‍යවල පවතින හිඟය මෙන්ම ප්‍රධාන ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන් දිගින් දිගටම ඉහළ මට්ටමක පැවතීම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් ප්‍රධාන ගැටළුවක් ලෙස අවධාරණය කරන ලදී. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මැයි මාසය තුළ දළ වශයෙන් පසුගිය මාසයේ පැවති මට්ටමේ ම පැවතුණි.
ඉදිරියට ලැබීමට ඇති ඉදිකිරීම් ව්‍යාපෘති සහ මැදපෙරදිග කලාපයේ පවතින භූදේශපාලනික ආතතීන් ලිහිල් වනු ඇතැයි පවතින අපේක්ෂා හේතුවෙන්, ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් අංශයේ අපේක්ෂා ධනාත්මක මට්ටමක පවතියි.








