Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

පළාත් දළ දේශීය නිෂ්පාදිතය (ප.ද.දේ.නි.) - 2024

2024 වසරේ දී ද බස්නාහිර පළාත ආර්ථිකයට ප්‍රධානම දායකත්වය ලබා දී ඇති අතර, අනෙකුත් පළාත්වල සමස්ත දායකත්වය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

2024 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය සඳහා ඉහළම දායකත්වය (සියයට 42.4) බස්නාහිර පළාත විසින් ලබා දී ඇත. බස්නාහිර පළාතේ මෙම ඉහළ දායකත්වය විශේෂයෙන්ම සේවා සහ කර්මාන්ත අංශ තුළ කැපී පෙනුණි. මේ අතර, සමස්ත ද.දේ.නි. සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්ව අනුපිළිවෙළින් වයඹ (සියයට 11.5) සහ මධ්‍යම (සියයට 10.7) පළාත් විසින් ලබා දී ඇත. තවද, මධ්‍යම, නැගෙනහිර, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වලින් නාමික දළ දේශීය නිෂ්පාදිතයට ලබාදුන් දායකත්ව 2023 ට සාපේක්ෂව 2024 දී ඉහළ ගියේය..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා හදිසි මූල්‍යමය සහාය ලබා දීමට එ.ජ. ඩොලර් මිලියන 206ක මුදලක් අනුමත කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් ව්‍යසනකාරී දිට්වා සුළි කුණාටුවෙන් හට ගත් හදිසි අවශ්‍යතා සපුරා ගැනීමට සහ සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාවට සහාය ලබා දීම සඳහා කඩිනම් මූල්‍යන උපකරණය  (Rapid Financing Instrument) යටතේ ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් මිලියන 150.5ක (ජා.මූ. අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා පවතින කෝටාවෙන් සියයට 26කට සමාන, එ.ජ. ඩොලර් මිලියන 206ක පමණ) මූල්‍යන පහසුකමක් වෙත ප්‍රවේශය ලබා දෙමින්, හදිසි මූල්‍යනය ලබා දීම අනුමත කරන ලදී. ජා.මූ. අරමුදල විසින් 2025 වසරේ දෙසැම්බර් 19 වන දින පහත දැක්වෙන මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 නොවැම්බර්

2025 නොවැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 55.5ක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඒ සඳහා සියලු උප දර්ශක ධනාත්මකව දායක වී ඇත. 

ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණ මාලාව - 2025 පවත්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේ දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 10 දක්වා දින තුන තුළ "සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය" යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණ මාලාව - 2025 පවත්වන ලදී. ආර්ථික පර්යේෂණ සහ අනුභාවික දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම පිළිබිඹු කෙරෙන පර්යේෂණ වැඩසටහන් තුනකින් මෙම සම්මන්ත්‍රණ මාලාව සමන්විත විය.: 

මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම

මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර ආපදා තත්ත්වයෙන් ඇති වූ  අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක් වූ  ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබා දීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින්, තම ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් සිදු වූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා (මින් ඉදිරියට ණය ගනුදෙනුකරුවන් ලෙස හඳුන්වනු ලැබේ) සහන ලබා දීමේ අරමුණින් බලපත්‍රලාභී  බැංකු වෙත 2025 අංක 04 දරන 2025.12.05 දිනැති චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී. 

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය, 2025 නොවැම්බර් මාසයේ දී නොවෙනස්ව පැවතුණි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර මාසයට සාපේක්ෂව 2025 නොවැම්බර් මාසයේ දී සියයට 2.1හි නොවෙනස්ව පැවතුණි.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2025 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 3.5හි සිට 2025 නොවැම්බර් මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2025 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.4ට සාපේක්ෂව 2025 නොවැම්බර් මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය.

Pages