Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහළ දමයි

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින පැවති සිය රැස්වීමේ දී, මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේය.  දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙම ලිහිල් කරන ලද  මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අඩු  උද්ධමන පීඩන මධ්‍යයේ උද්ධමනය 5%ක ඉලක්කය කරා ළඟාවීම සඳහා සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. 

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 අප්‍රේල්

2025 අප්‍රේල් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින්, පෙර වසරවල අප්‍රේල් මාසය තුළ පැවති රටාවට අනුගත වෙමින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන අතර, සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව තිරසර මූල්‍ය පෙරදැක්ම 2.0 දියත් කරයි

දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන සහ සමාජීය වශයෙන් සැමට ප්‍රතිලාභ අත්වන මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන අඛණ්ඩ උත්සාහයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව 2025 මැයි 05 වන දින තිරසර මූල්‍ය පෙරදැක්ම 2.0 මහ බැංකු සන්ථාගාරයේ දී දියත් කරන ලදී.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2025 මාර්තු

2023 වසරේ ජනවාරි මාසයේ සිට මාසික ජංගම ගිණුම් සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය 2025 වසරේ මාර්තු මාසයේ දී අඛණ්ඩව ශක්තිමත් විය.

2025 අප්‍රේල් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් අවධමන තත්ත්වයෙහි තවදුරටත් ලිහිල්වීමක් පෙන්නුම් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් 2025 මාර්තු මාසයේ දී ආරම්භ වූ අවධමන තත්ත්වය ලිහිල්වීම 2025 අප්‍රේල් මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 2.6ක අවධමනයට සාපේක්ෂව 2025 අප්‍රේල් මාසයේ දී සියයට 2.0ක පහළ අවධමනයක් වාර්තා කළේය.

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී වර්ධනයක් පිළිබිඹු කළේය

සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇත. ප්‍රධාන වශයෙන් ස්ථාවර මිල මට්ටම් සහ යහපත් කාලගුණික තත්ත්වයන් මත පවතින හිතකර ආර්ථික වාතාවරණය හේතුවෙන්, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් මෙම මාසය ඇතුළත ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වූ බව වාර්තා කරන ලදී.  

Pages