Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය හඳුන්වා දෙමින් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 නොවැම්බර් 26 වැනි දින පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කළ අතර අලුතින් හඳුන්වාදුන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00ක් ලෙස තීරණය කළේය. මෙම වෙනසත් සමඟ, ප්‍රතිපත්ති පොලී අනුපාතිකයෙහි අඩු වීම බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකයෙහි දැනට පවතින මට්ටම හා සාපේක්ෂව පදනම් අංක 50ක් පමණ වේ. බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය, නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය ලෙස තවදුරටත් පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය හඳුන්වා දෙමින් තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරයි

2024 ජනවාරි මාසයේ ඉදිරිපත් කළ මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙන්ම ඉන් අනතුරුව 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ සැලසුමට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 නොවැම්බර් මස 27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට තීරණය කළේය. මෙය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ සිදු කළ තවත් වැදගත් වැඩිදියුණු කිරීමකි. ඒ අනුව, මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම් දීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය ලෙස එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate: OPR) හඳුන්වා දෙනු ලැබේ. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනස්කම් ආර්ථිකයේ පාර්ශ්වකරුවන් වෙත සන්නිවේදනය කිරීම සඳහා එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නියමිත කාලසීමාවේදී සමාලෝචනය කර අවශ්‍යතාවය පරිදි සංශෝධනය කරනු ලැබේ. මෙම ප්‍රතිපත්ති වෙනස්කම තුළින් මූල්‍ය වෙළඳපොළ සහ පුළුල් ආර්ථිකය වෙත මුදල් ප්‍රතිපත්තිය දැනුම්දීම මෙන්ම සම්ප්‍රේෂණයවීමේ කාර්යක්ෂමතාව සහ සඵලතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2024 වර්ෂයේ මැයි මස සිට ඔක්තෝබර් මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම

2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට නියමිත සහ එසේ අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සදහා දණ්ඩන පනවනු ලැබේ- අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව තෙවන සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹෙයි

ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරමින් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත. ජා.මූ. අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසු සහ ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් සම්පූර්ණ කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 333ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 ඔක්තෝබර්

2024 ඔක්තෝබර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා  සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි

නිෂ්පාදන ක්‍රියාකාරකම්හි තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ඔක්තෝබර් මාසයේ දී  දර්ශකාංක 58.1ක් දක්වා ඉහළ ගියේය. සෑම වසරකම පරිදි, උත්සව සමය එළඹීමේ දී භාණ්ඩ සඳහා   වන ඉල්ලුම ඉහළ යෑම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, මේ සඳහා  සියලුම උප දර්ශක ධනාත්මකව දායක විය.

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම, සහ ඒ ආශ්‍රිත අපරාධ සහ ඊට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකු පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම්, පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා 2024 නොවැම්බර් 04 වැනි දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා මහ බැංකුවේ දී එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම අවබෝධතා ගිවිසුමට එළැඹෙන ලදී.

Pages