Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවත්වා ගනියි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 ඔක්තෝබර් 10 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට තීරණය කළේ ය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ මූල්‍ය වෙළෙඳපොළේ මෙන් ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබී ය. මුදල් මණ්ඩලයේ මෙම තීරණය උද්ධමනය සියයට 4 - 6 අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර මැදිකාලීන ව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වනු ඇත.

10 වන ආසියා මුදල් චක්‍ර සම්මන්ත්‍රණය (Asia Cash Cycle Seminar) - 2019, කොළඹ, ශ්‍රී ලංකාව

2019 සැප්තැම්බර් 23 සිට 26 දක්වා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී පවත්වන ලද 10 වන ආසියා මුදල් චක්‍ර සම්මන්ත්‍රණය - 2019 සඳහා “කරන්සි රිසර්ච් (Currency Research)“ ආයතනය සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව සම-සත්කාරකත්වය දරන ලදී. ආසියා මුදල් චක්‍ර සම්මන්ත්‍රණය මීට ඉහත දී අන්තර්ජාතික වාණිජ මුදල් මෙහෙයුම්  සම්මන්ත්‍රණය (International Commercial Cash Operations Seminar - ICCOS) ලෙස හැඳින්වූ අතර එය වාණිජ මුදල් කළමනාකරණය, බෙදා හැරීම සහ සංසරණය සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ ප්‍රධාන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වේ. වසර 24ක් පැරණි මෙම සම්මන්ත්‍රණ මාලාවේ ඉතිහාසයේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වූ ප්‍රථම දකුණු ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාවයි.

අග්නිදිග ආසියානු මහ බැංකු ආයතනයේ (සියැසන් - SEACEN) සහ අන්තර්ජාතික පියවීම් බැංකුවේ (Bank for International Settlements – BIS) උසස් මට්ටමේ සම්මන්ත්‍රණය සහ සියැසන් විධායක කමිටුවේ 18 වැනි රැස්වීම

සියැසන් සහ අන්තර්ජාතික පියවීම් බැංකුවේ උසස් මට්ටමේ සම්මන්ත්‍රණය සහ සියැසන් විධායක කමිටුවේ 18 වැනි රැස්වීම 2019 වසරේ සැප්තැම්බර් මස 26 සිට 28 දක්වා කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලදී. මෙම සමුළුව සහ රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා, සියැසන් සාමාජික මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්හි නියෝජ්‍ය අධිපතිවරු හා නියෝජිතයෝ සහ කීර්තිමත් දේශකයෝ සහභාගි වූහ.

මූඩීස් ආයෝජක සේවාව විසින් ශ්‍රී ලංකාවේ බැංකු අංශය පිළිබඳ ව කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් දක්වයි

2019 සැප්තැම්බර් මස 27 වැනි දින මූඩීස් ආයෝජක සේවාව මඟින් “ශ්‍රී ලංකාවේ ණය අනුපාතික අඩු කිරීම බැංකුවල ණය ශ්‍රේණිගත කිරීම කෙරෙහි ඍණ බලපෑමක් ඇති කරයි” යන මැයින් බැංකු අංශය පිළිබඳ ව ප්‍රකාශයක් නිකුත් කර ඇත. මේ සම්බන්ධයෙන් ගත් කළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස වන්නේ මූඩීස් ආයතනය මෙම නිගමනයට එළඹීමේ දී සම්පූර්ණ තොරතුරු සැලකිල්ලට ගෙන නොමැති බැවින් එය පිළි ගත නො හැකි ප්‍රකාශයක් වන බවයි.

2019 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

ආනයන පහළ යෑමට වඩා වැඩි අගයකින් අපනයන පහළ යෑම හේතුවෙන් 2019 ජූලි මාසයේදී වෙළඳ හිඟය තරමක් පුළුල් විය. පසුගිය මාස කිහිපයකදීම ස්ථාවර වර්ධනයක් වාර්තා කළ අපනයන ආදායම 2019 ජූලි මසදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 7.0 ක අඩුවීමක් වාර්තා කළ අතර ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 2.2 කින් පහළ ගියේය.

2019 ජූලි මාසයේ දී අපනයන ආදායම පහත වැටීම සඳහා ප්‍රධාන වශයෙන් නැව් සඳහා යොදාගනු ලබන ඉන්ධනවල අපනයන මිල ගණන් පහළ යෑම හේතුවෙන් ඛනිජතෙල් නිෂ්පාදිත අපනයන ආදායම අඩුවීම සහ 2018 ජූලි මාසයේ දී නාවික යාත්‍රාවක් අපනයනය කිරීම හේතුවෙන් පෙර වසරේ අනුරූප මාසයේදී ඉහළ අපනයන අගයක් වාර්තා කිරීමේ බලපෑම හේතු විය.

2019 ජූනි මස වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 316 ක වෙළඳ හිඟයට සාපේක්ෂව 2019 ජූලි මස වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 717 ක් දක්වා පුළුල් විය.

පාස්කු ප්‍රහාරයෙන් ඇතිවූ බලපෑමෙන් පසුව, සංචාරක පැමිණීම් සැලකිය යුතු ලෙස ප්‍රගතියක් අත්කර ගනිමින් 2019 ජූලි මාසයේදී, පෙර මාසයට සාපේක්ෂව සියයට 83.4 ක වර්ධනයක් වාර්තා කළේය.

බලපත්‍රලාභී බැංකුවල රුපියල් තැන්පතු සඳහා බලපාන උපරිම පොලී අනුපාත පිළිබඳ මුදල් නීති පනත් නියෝගය අවලංගු කරයි

මෑතකාලීන ව ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණවල බලපෑම, වෙළෙඳපොළ ණය පොලී අනුපාත වෙත කාර්යක්ෂම ව සම්ප්‍රේෂණය වීම වර්ධනය කිරීම සඳහා රුපියල් ණය සඳහා අය කරනු ලබන පොලී  අනුපාත පහත දමන ලෙස දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කල විධානයට සමගාමී ව, 2019 අප්‍රේල් 26 වන දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා රුපියල් තැන්පතු සඳහා වන උපරිම පොලී අනුපාත පිළිබඳ 2019 අංක 01 දරන මුදල් නීති පනත් නියෝගය 2019 සැප්තැම්බර් 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

Pages