ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 මාර්තු 16 වැනි දින පැවැති හදිසි රැස්වීමේදී, 2020 මාර්තු 17 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.25 සහ සියයට 7.25 දක්වා පදනම් අංක 25 කින් අඩු කිරීමට සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියළු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව වර්තමාන සංචිත පවත්වාගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 1.00 කින් අඩු කිරීමට තීරණය කළේය. ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා (COVID -19) වසංගතය සහ ශ්‍රී ලංකාව තුළ එය තවදුරටත් ව්‍යාප්තවීමේ හැකියාව සමඟ ආර්ථික කටයුතු සඳහා සහාය දැක්වීමේ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය.















'2020 - ඩිජිටල් ගනුදෙනු වර්ෂය' ප්‍රවර්ධන වැඩසටහන 2020.03.11 වන දින ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ බැංකුකරුවන්, බැංකු නොවන මූල්‍ය ආයතන නිලධාරින්, ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් දියත් කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනට සමගාමී ව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂක ඩී. කුමාරතුංග මහතා විසින් “Cash වදේ“ ප්‍රචාරන වැඩසටහන හඳුන්වාදෙන ලදී. මෙමගින් මුදල් පරිහරණයේ දී පාරිභෝගිකයින් හා ව්‍යාපාරිකයින් යන දෙපාර්ශ්වය ම මුහුණ පාන ගැටළු එනම්, සොරකම් කිරීමේ අවදානම, පෝලිම්වල සිටීමෙන් තමන්ගේ කාලය අපතේ යෑම වැනි දේ පෙන්නුම් කරයි. මෙම දියත් කිරීම මගින් සුළු පරිමාණ ගනුදෙනු ප්‍රචලිත කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනේ නිල ආරම්භය සනිටුහන් කරන ලද අතර, ජංගම යෙදුම්, ලංකා QR කේතය සහ ණය සහ හර කාඩ්පත් වැනි ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිත කිරීමට පාරිභෝගිකයන් ආකර්ශණය කර ගැනීම අරමුණ වේ. 