Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගනී

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස දැනට පවතින මට්ටමේ  නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම මෙන්ම ගෝලීය අවිනිශ්චිතතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 දෙසැම්බර්

2025 දෙසැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 දෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 60.9ක අගයක් වාර්තා කළේය. මාසය ආරම්භයේ දී අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් බාධා ඇති වුවද, ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම උප දර්ශක මෙම වර්ධනයට ධනාත්මකව දායක විය.  

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම,             2026 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයට පත් කරන ලද අද්මිනිස්ත්‍රාසිකරුගේ ධුර කාලය, 2023 අංක දරන 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ දීර්ඝ කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ අද්මිනිස්ත්‍රාසිකරු ලෙස පත් කරන ලද පී.බඩ්.ඩී.එන්.ආර් රොද්‍රිගෝ මහතාගේ ධුර කාලය, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාර ව දීර්ඝ කර ඇත.

පළමු ව 2025.07.04 දිනැති අංක 2443/57 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද නියමය අනුව පත් කරන ලද රොද්‍රිගෝ මහතා, 2026.01.04 සිට 2026.07.03 දක්වා තවත් මස හයක (06) කාලයක් සඳහා අද්මිනිස්ත්‍රාසි ධුරයේ කටයුතු කරනු ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2025 දෙසැම්බර් මාසයේ දී නොවෙනස්ව පැවතුණි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 2.1හි නොවෙනස්ව පැවතුණි. 2025 දෙසැම්බර් මාසයේ දී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මිල ගණන් සැලකිය යුතු ලෙස මාසිකව ඉහළ ගියද, හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම මෙයට ප්‍රධාන වශයෙන් සහාය විය.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි 2025 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 3.0ක උද්ධමනය 2025 දෙසැම්බර් මාසයේ දී නොවෙනස්ව පැවතුණි. ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.7ට සාපේක්ෂව 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 1.8ක් දක්වා ඉහළ ගියේය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2025 නොවැම්බර්

2025 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක තුළ දී අඛණ්ඩ මාසික ජංගම ගිණුමේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව 2025 වසරේ නොවැම්බර් මාසයේ දී, ජංගම ගිණුම නැවත අතිරික්තයක් වාර්තා කළේය. 2025 වසරේ ජනවාරි-නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ අතිරික්තය එ.ජ. ඩොලර් මිලියන 1,678කි.

2025 වසරේ නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගියේය. තවද, 2025 වසරේ ජනවාරි-නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 6.9ක් දක්වා පුළුල් විය.

Pages