Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

මුදල් හුවමාරු කරන්නන් පිළිබඳව මහජනතාව වෙත කෙරෙන නිවේදනයයි

මුදල් හුවමාරු කරන්නන් විසින් සිය ගනුදෙනුකරුවන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව තහනම් කර ඇති බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

මුදල් හුවමාරු කරන්නන්, බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ අනුපාතයන්ට විදේශ මුදල් ගනුදෙනු සිදු කරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට/ අවලංගු කිරීමට සිදුවන බව ඔවුන් වෙත දන්වා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවන වගන්තියට (Article IV) අදාල වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස් දැක්වීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ හතරවන වගන්තියට අදාළ නිලධාරීන්ගේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. එම හතරවන වගන්තියේ ක්‍රියාවලිය පහත දැක්වෙන පරිදි සිදුවිය.

බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විදේශ විනිමය අලෙවි කිරීම සම්බන්ධව පැහැදිලි කිරීම

2022.03.21 දින සිට බලපැවැත්වෙන පරිදි, මෑතකදී 25% සිට 50% දක්වා වැඩි කරන ලද විදේශ විනිමය ශ්‍රී ලංකා මහ බැංකුවට විකිණීමේ අවශ්‍යතාවය බැංකුවලට පමණක් අදාළ වන අතර, විදේශගත ශ්‍රමිකයන්ගේ විදේශ විනිමය ඉපැයීම් සහ අපනයනකරුවන්ගේ අපනයන ආදායම් සඳහා පවතින අවශ්‍යතා කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙයින් දන්වා සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මින් තහවුරු කරනු ලැබේ.

කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය පීඨය ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය විසින් ලබා දුන් ජාතික දායකත්වය අගයමින් එහි 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 ක මුහුණත වටිනාකමක් සහිත සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කරන ලදී. මෙම කාසිය නිකුත් කිරීම කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ඉල්ලීම පරිදි සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කිරීම

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකත්වය සැපයීමේ අතිශය වැදගත් අවස්ථාවක් වන ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.20 ක මුහුණත වටිනාකමක් සහිත සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කරන ලදී. මෙම කාසිය නිකුත් කිරීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 දී පවත්වන ලද අතර 2021 වර්ෂය එහි 150 වන සංවත්සරය සනිටුහන් කරයි. 15 වන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේ එහි සංවත්සරයට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර තිබුණි. එසේ වුවද, කෝවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් ජන හා නිවාස සංගණනය 2022 - 2023 දක්වා කල් දමන ලදී.

Pages