මුදල් හුවමාරු කරන්නන් පහළොස් දෙනෙකු (15) වෙත නිකුත් කරන ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වර්ෂය සඳහා අලුත් නොකිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පහත නම් සඳහන් කර ඇති මුදල් හුවමාරු කරන්නන් පහළොස් දෙනා වෙත නිකුත් කරන ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වර්ෂය සඳහා අළුත් නොකිරීමට තීරණය කරන ලද අතර එය 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් සිදුකරන ලදී. තවද එය 2023.02.22 වන දින ඔවුන් වෙත දැනුම් දෙන ලදී.

අංකය
සමාගමේ නම ව්‍යාපාරික ස්ථානයේ ලිපිනය
1 අරුණ ෆොරෙක්ස් (පුද්) සමාගම අංක. 22, නිව් බසාර් වීදිය, නුවරඑළිය
2 බ්‍රෙෂියා ග්‍රාමින් (පුද්ගලික) සමාගම අංක. 88/02, හලාවත පාර, කට්ටුව, මීගමුව
3 ජෙයා ෆොරෙක්ස් එක්ස්චේන්ජ් (පුද්) සමාගම අංක. 688, ගාලු පාර, කොළඹ 03
4 කමල් එන්ටර්ප්‍රයිසස් (පුද්) සමාගම අංක. 57ඒ, බ්‍රිස්ටල් පැරඩයිස් ගොඩනැගිල්ල, යෝර්ක් වීදිය, කොළඹ 01
5 කුඩාමඩු මනි එක්ස්චේන්ජ් (පුද්) සමාගම ප්‍රධාන පාර, මහවැව
6 මිඩ්නා මිනි මාර්කට් (පුද්) සමාගම අංක 12, සාප්පු සංකීර්ණය, වෙන්නප්පුව
7 නිව් ලංකා ගෝල්ඩ් හවුස් (පුද්ගලික) සමාගම අංක 59, රත්නපුර පාර, හොරණ
8 රෆීක්ස් ජෙම්ස් (පුද්) සමාගම අංක 109, චැතම් වීදිය, කොළඹ 01
9 රිම්හා ජුවලර්ස් (පුද්) සමාගම අංක 4/ඒ, මස්ජිද් පාර, පුත්තලම
10 සලාකා ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම අංක 466, යුනියන් පෙදෙස, කොළඹ 02
11 ශාරංගා මනි එක්ස්චේන්ජ් (පුද්) සමාගම අංක 157/1, කස්තුරියාර් පාර, යාපනය
12 සොර්නම් ෆොරෙක්ස් (පුද්ගලික) සමාගම අංක 59, මඩකලපුව පාර, කල්මුණේ
13 තමාෂා ෆොරෙක්ස් (පුද්ගලික) සමාගම අංක 131, බසාර් වීදිය, හලාවත
14 යුනිවර්සල් මනි චේන්ජර්ස් (පුද්) සමාගම අංක 143A, ගාලු පාර, කොළඹ 06
15 වසන්තාස් ඉන්ටර්නැෂනල් මනි එක්ස්චේන්ජ් (පුද්) සමාගම අංක 56, ඩී එස් සේනානායක වීදිය, මහනුවර

ඒ අනුව, ඉහත ලැයිස්තුවේ නම් සඳහන් සමාගම් සඳහා තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරත වීමට අවසර නොමැති බවත්, එම සමාගම් සමඟ විදේශ මුදල් මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවත් මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

Published Date: 

Monday, July 10, 2023