Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා මූල්‍යමය දණ්ඩන පැනවීම/එකතු කිරීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියාකරන මූල්‍ය ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, මූල්‍ය බුද්ධි ඒකකය, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවත්වීමේ නියාමන ආයතනය ලෙස, මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා පහත දක්වා ඇති පරිදි රුපියල් මිලියන 1.0 ක දඩ මුදලක් පනවන ලදී. මූල්‍යමය දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී. 

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 ජූලි

2022 වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඉහළ ගිය අතර, ආනයන වියදම අඛණ්ඩව පස්වන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. බැංකු පද්ධතියේ විදේශ විනිමය ද්‍රවශීලතා පීඩනය මධ්‍යයේ ආර්ථික ක්‍රියාකාරකම්වල සමස්ත පහළ යෑමේ බලපෑම පිළිබිඹු කරමින් 2022 වසරේ ජූලි මාසයේ දී ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහළ ගිය අතර, හදිසි නොවන ආනයන වියදම් සීමා කිරීම සඳහා ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ද ආනයන ඉල්ලුම් පීඩනය පාලනය කිරීමට උපකාරී විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වසරකට පෙර පැවති වෙළඳ හිඟයට සාපේක්ෂව 2022 වසරේ ජූලි මාසයේ වෙළඳ හිඟයෙහි සැලකිය යුතු පහළ යෑමක් වාර්තා වූ අතර, එමඟින් දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ වූ පීඩනය අඩු විය. 2022 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සුළු වශයෙන් ඉහළ ගිය අතර එම මට්ටම වෙළඳ හිඟය ඉක්මවා පැවතීම මඟින් දැඩි ගෙවුම් ශේෂ පීඩනය යටතේ විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන්ට සහාය විය. සංචාරක ඉපැයීම් පෙර වසරේ පැවති පහළ පදනමේ සිට 2022 වසරේ ජූලි මාසයේදී (වාර්ෂික ලක්ෂමය පදනම මත) වැඩිවීමක් වාර්තා කර ඇත. 2022 වසරේ ජූලි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීම් වාර්තා විය. භාවිත කළ හැකි දළ නිල සංචිත මට්ටම අඩු වුවද අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විදේශ විනිමය ද්‍රවශීලතාව අඛණ්ඩව ලබා දුන්නේය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 361ක මට්ටමක පැවතුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් විසින් එ.ජ. ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙලක් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහය වීම සඳහා නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹී ඇත.

ශ්‍රී ලංකාවට ලබා දුන් නව ණය ආධාර වැඩසටහනේ අරමුණු වනුයේ, සාර්ව ආර්ථික ස්ථායීතාව සහ ණය තිරසාරභාවය ස්ථාපිත කරන අතර, මූල්‍ය ස්ථායීතාව ආරක්ෂා කිරීම, අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම සහ වංචා හා දූෂණ සිදුවීමේ අවදානම් වැළැක්වීම හා ශ්‍රී ලංකාවේ වර්ධන විභවය ලඟා කර ගැනීම සඳහා වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමයි.

ණය තිරසාරභාවය සහතික කිරීමට සහ මූල්‍යන පරතරය පියවීම සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ණය සහන ලබා ගැනීම සහ බහුපාර්ශ්වික පාර්ශ්වකරුවන්ගෙන් අමතර මූල්‍යකරණයන් අවශ්‍ය වේ. ජා.මූ. අරමුදල විසින් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සැපයීමට පෙර ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගෙන් ණය තිරසාරභාවය ස්ථාපනය කිරීම සඳහා මුල්‍යකරණය සහතික කර ගැනීමට සහ පෞද්ගලික ණය හිමියන් සමඟ සහයෝගිතා ගිවිසුමකට එළඹීමට සද්භාවයෙන් යුතුව ප්‍රයත්න දැරීම ඉතා වැදගත් වේ.

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 අගෝස්තු මාසයේ දී සියයට 64.3ක් වශයෙන් වාර්තා විය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජූලි මාසයේ පැවති සියයට 60.8හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 64.3ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූලි මාසයේ පැවති සියයට 90.9හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 93.7 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූලි මාසයේ පැවති සියයට 46.5හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 50.2 දක්වා ඉහළ ගියේය. 

LankaRemit ජංගම යෙදුම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ අත්වැල් බැඳගනී

LankaRemit නමින් හඳුන්වනු ලබන ජාතික ප්‍රේෂණ ජංගම යෙදුම (Mobile App) විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් එහි විශේෂාංගයන් හඳුන්වා දීමේ උත්සවයක් 2022 අගෝස්තු 26 වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. LankaRemit ජංගම යෙදුම, විදෙස්ගත ශ්‍රමිකයන්හට ශ්‍රී ලංකාව වෙත වේගවත්ව, ආරක්ෂිතව සහ වඩාත් පහසුවෙන් ප්‍රේෂණ එවීම සඳහා ප්‍රවේශයක් ලබා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකාක්ලියර් (පුද්ගලික) ආයතනයෙහි සහයෝගීතාවයෙන් LankaRemit ජංගම යෙදුම හඳුන්වා දුන් අතර එහි පළමු අදියර 2022 පෙබරවාරි මාසයේදී දියත් කරන ලදී. විදේශ කටයුතු අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැනි පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ඇතිව LankaRemit ජංගම යෙදුම පිළිබඳව දේශීයව සහ ජාත්‍යන්තරව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටියි.

Release of ‘Economic and Social Statistics of Sri Lanka – 2022’ Publication

‘Economic and Social Statistics of Sri Lanka – 2022’, an annual publication of the Central Bank of Sri Lanka, is now available for public access.

Statistics Department of the Central Bank of Sri Lanka publishes this booklet, which consists of statistical tables categorised under eight major areas, i.e. ‘National Accounts’, ‘Economic and Social Infrastructure’, ‘Prices, Wages and  Employment’, ‘External Trade and Finance’, ‘Government Finance’, ‘Money and Capital Markets’, ‘Financial Sector’ and a section including statistics of other countries. This publication will be a useful collection of information for those who are interested in socio-economic statistics.

The English version of this publication is available in electronic form and can be accessed through the Central Bank website (http://www.cbsl.gov.lk).

Pages