Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 සැප්තැම්බර්

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 48.6ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් කටයුතුවල පහළ යෑමක් පෙන්නුම් කරයි. මැතිවරණ වාතාවරණය තුළ ඉදිකිරීම් කටයුතුවල සිදුවූ යම් ප්‍රමාදයන් හේතුවෙන්, සමස්ත ක්‍රියාකාරකම් වල සුළු පසුබෑමක් නිරීක්ෂණය කළ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් විසින් සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළඳපොළ කටයුතු හා මුදල් අච්චු ගැසීම පිළිබඳ පැහැදිලි කිරීමයි

විවට වෙළඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100 ක් අච්චු ගැසූ බවට මෑත කාලයේ වාර්තා පළවී ඇති අතර, මෙම වාර්තා පදනම් විරහිත ඒවා වේ. මහ බැංකුව විවට වෙළඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් වේ. විවට වෙළඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකිය.

කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ (SAARCFINANCE) අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම

කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ (SAARCFINANCE) අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම, සංගමයේ සභාපති වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන්, 2024 ඔක්තෝබර් මස 24 වැනි දින වොෂින්ටන් නුවර දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලට සමගාමීව පවත්වන ලදී. කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු, නියෝජ්‍ය අධිපතිවරු, මුදල් ලේකම්වරු සහ මහ බැංකු හා මුදල් අමාත්‍යාංශවල නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගී වූහ.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - සැප්තැම්බර් 2024

2024 සැප්තැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70(1) වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ තක්සේරුවක් සහ ඒ හා සම්බන්ධ අවදානම් සහ දුර්වලතා හඳුනා ගැනීම සහ ඇගයීමක් ද ඇතුළත් වේ.

බලපත්‍රලාභී බැංකුවල ආයතනික යහපාලන භාවිතයන් ශක්තිමත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 අංක 05 දරන බලපත්‍රලාභී බැංකු සඳහා ආයතනික යහපාලනය යන බැංකු පනත් විධාන 2024.09.30 දින නිකුත් කිරීම පිළිබඳ මෙයින් නිවේදනය කරනු ලැබේ. බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (මෙතැන් සිට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) ආයතනික යහපාලන ක්‍රියාවලීන් සහ භාවිතයන් ශක්තිමත් කර එමගින් නිසි වගකීමෙන් සහ වගවීමකින් යුතුව බැංකු ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම තුලින් බැංකු අංශයේ සහ සමස්ත මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව හා ශක්තිමත්බව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම විධාන නිකුත් කරන ලදී.

Pages