Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී සෘණ අගයක් වාර්තා කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 සැප්තැම්බර් මාසයේ දී සියයට ඍණ 0.5ක අගයක් වාර්තා කළ අතර, මෙය 2015 සැප්තැම්බර් මාසයට පසුව උද්ධමනය ඍණ අගයක් (අවධමනයක්) පෙන්නුම් කළ පළමු අවස්ථාව වේ.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය 2024 අගෝස්තු

පසුගිය මාසයට සාපේක්ෂව සංචාරක ඉපැයීම් අඩු වුවද, ඉහළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ අපනයනවල කැපී පෙනෙන වැඩිවීමක් සමඟින් 2024 වසරේ අගෝස්තු මාසයේ දී විදේශීය අංශය ධනාත්මක ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වාගෙන ගියේය.

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 අගෝස්තු

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 අගෝස්තු මාසය තුළ දී දර්ශකාංක 51.4 ක අගයක් වාර්තා කරමින් එයට පෙර මාසයේ පැවති සැලකිය යුතු ඉහළ මට්ටමේ සිට අඩු වේගයකින් වුවද ඉහළ ගියේය. තවද, පෙර මාසයට සාපේක්ෂව ඉදිකිරීම් කර්මාන්තයේ මෙහෙයුම් බොහෝ දුරට නොවෙනස්ව පැවති බව පෙන්නුම් කරමින් අනෙකුත් බොහෝ දර්ශක ද කඩඉම් මට්ටම ආසන්නයේ පැවතුණි.

"ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත - 2024" ප්‍රකාශනය නිකුත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2024" වාර්ෂික ප්‍රකාශනය මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 සැප්තැම්බර් මස 26 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය.

2024 සැප්තැම්බර් 23 වන දින බැංකු කටයුතු පවත්වාගෙන යෑම

රජය විසින් 2024-09-23 දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් කරන ලද දැනුම් දීම පරිදි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් නිකුත් කරන ලද 2024-09-21 දිනැති විශේෂ ප්‍රවෘත්ති නිවේදනය සම්බන්ධයෙනි.

Pages