2019 සැප්තැම්බර් 23 සිට 26 දක්වා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී පවත්වන ලද 10 වන ආසියා මුදල් චක්‍ර සම්මන්ත්‍රණය - 2019 සඳහා “කරන්සි රිසර්ච් (Currency Research)“ ආයතනය සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව සම-සත්කාරකත්වය දරන ලදී. ආසියා මුදල් චක්‍ර සම්මන්ත්‍රණය මීට ඉහත දී අන්තර්ජාතික වාණිජ මුදල් මෙහෙයුම් සම්මන්ත්‍රණය (International Commercial Cash Operations Seminar - ICCOS) ලෙස හැඳින්වූ අතර එය වාණිජ මුදල් කළමනාකරණය, බෙදා හැරීම සහ සංසරණය සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ ප්‍රධාන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වේ. වසර 24ක් පැරණි මෙම සම්මන්ත්‍රණ මාලාවේ ඉතිහාසයේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වූ ප්‍රථම දකුණු ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාවයි.