Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කරයි

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2021 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

ශ්‍රී ලංකාව තුල පවතින විදේශ සංචිත මට්ටම ආරක්ෂා කරගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරියටත්

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සහ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇති විය හැකි සෘණාත්මක බලපෑම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත පදනම් ව පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිත ව ගරු මුදල් අමාත්‍යවරයා විසින් 2020 ජූලි 2 දිනැති අංක 2182/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි පළ කරන ලද නියමයෙහි වලංගු කාලය 2021 ජනවාරි 2 දින සිට තවත් මාස හයක කාලයකින් දීර්ඝ කරමින් 2020 දෙසැම්බර් 18 දිනැති අංක 2206/25 දරන ගැසට් නිවේදනයේ පළ කරන ලද නියමය නිකුත් කරන ලදී.

පෙර දැක්ම 2021: 2021 සහ ඉදිරිය සඳහා මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති

2020 වසර අප බොහෝ දෙනෙකු හැකි ඉක්මනින් අමතක කර දැමීමට කැමති වසරක් වනුයේ ප්‍රධාන වශයෙන් කොරෝනා වසංගතය මගින් ලොව පුරා මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි ඇති කරන ලද භයානක බලපෑම් හේතුවෙනි. අප දැනට අත්දකින මෙම කොවිඩ්-19 වසංගතය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ අන් සෑම අභියෝගයකටම වඩා දරුණුතම ගෝලීය අර්බුදය යි. පසුගිය මාස දහයක පමණ කාලය තුළ අපට අසන්නට ලැබුණේ ඛේදවාචක, මරණ හා බිය ගෙනෙන තොරතුරු ය. අප ජීවිතවලට අතිමහත් කම්පන ගෙන දුන් අවස්ථා තිබූ අතර, නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට තවත් කොපමණ කලක් ගත වේදැයි අපි නොදනිමු. කෙසේ වෙතත්, අපට නව වසරක් උදා වී ඇති අතර, තත්ත්වය තරමක් ඉක්මනින් යහපත් අතට හැරෙනු ඇති බවට අපේක්ෂා මෙන්ම සැබෑ සාධක ද පෙනෙන්නට ඇත. 2020 වසරේ අප්‍රසන්න සිහිවටන පසෙක ලා ඉදිරියට යන අප, අනාගතය පිළිබඳව ධනාත්මකව සිතිය යුතු අතර, ඛේදවාචක පිලිබඳ අනාවැකි පළකරන්නන් කුමක් කීව ද සුභදායක හා අපේක්ෂා සහගත බවක් අප වටා ජනිත කිරීම වැදගත් ය.

කො.පා.මි.ද මත පදනම් වූ උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 10.3හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 9.2 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.6හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 2.0 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස 2020 දෙසැම්බර් මාසයේ දී අඛණ්ඩව තෙවන මාසයටත් සියයට 4.6හි නොවෙනස්ව පැවතුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 70 වන සංවත්සරය නිමිත්තෙන් සංසරණය සඳහා නොවන සමරු කාසියක් නිකුත් කරයි

1950 අගෝස්තු මාසයේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ සමෘද්ධිය උදෙසා සුවිශේෂී හා වටිනා දායකත්වයක් ලබා දෙමින් වසර 70 ක් සම්පූර්ණ කර ඇත. සිය 70 වන සංවත්සරය සංකේතවත් කරමින්, පහත සඳහන් ප්‍රධාන ලක්‍ෂණ සහිත මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා නොවන සමරු කාසියක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය - 2019

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2018 වසරේ වාර්තා කළ 0.811 ක අගයට සාපේක්ෂ ව 2019 වසරේ දී 0.802ක අගයක් වාර්තා කළේ ය. මේ සඳහා 'ආර්ථික සහ ව්‍යාපාර පරිසරය' සහ 'සමාජ-ආර්ථික යටිතල පහසුකම්' යන උපදර්ශකයන්හි පහළ යෑම හේතු වී ඇති අතර ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකය මෙම වසර තුළ දී වැඩිදියුණු වී ඇත.

Pages