Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 දෙසැම්බර්

රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ අපනයන යථා තත්ත්වයට පත් වූ අතර, අත්යවශ්ය නොවන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ගෝලීය ඉන්ධන මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ ආනයන පෙර වසරේ අනුරූප මාසවලට සාපේක්ෂව අඛණ්ඩව අඩු විය. සමස්තයක් ලෙස, 2019 වසර සමඟ සැසඳීමේ දී වෙළඳ හිඟය 2020 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 2.0කින් සැලකිය යුතු ලෙස අඩු විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්රේෂණ ඉතිහාසයේ ඉහලම මාසික ලැබීම වාර්තා කරමින් 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ද විදේශීය අංශය ශක්තිමත් කිරීමට අඛණ්ඩව දායක විය. මූල්ය ගිණුමේ, රාජ්ය සුරැකුම්පත් වෙළදපොළෙහි සහ කොළඹ කොටස් වෙළදපොළෙහි විදේශීය ආයෝජන 2020 වසරේ දෙසැම්බර් මාසයේදී සුළු ශුද්ධ ගෙවීම් වාර්තා කර ඇත. වර්ෂය අවසානයේදී දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.7ක් විය. 2020 වසරේ දී ශ්රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 2.6කින් අවප්රමාණය විය. විනිමය අනුපාතිකය 2020 වසරේ දෙසැම්බර් මාසයේදී මෙන්ම 2021 වසරේ මේ දක්වා වූ කාලපරිච්ඡේදයේදී ද යම් විචලනයක් දැක්වීය.

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී එල් සී - ඉතිරි තැන්පතු වලින් 50% ක් ආපසු ගෙවීම

2021 ජනවාරි 12 දිනැති අපගේ මාධ්‍යය නිවේදනය මඟින් මහජනතාවට දැනුම් දුන් පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු සීමිත කාලයක් සඳහා කොන්දේසි පදනමින්, මුදල් මණ්ඩලය විසින් පත්කරන ලද කළමනාකරණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ, සමාගමේ ඉතිරි තැන්පතු වලින් සියයට 50 ක් දක්වා ආපසු ගෙවීම (තැන්පතු ආපසු ගෙවීමේ සැලැස්ම) සඳහා පමණක් ආරම්භ කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනය එකී නියෝගය ප්‍රකාරව තැන්පතු ආපසු ගෙවීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 ජනවාරි මාසයේ දී සියයට 3.0 දක්වා පහළ යයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේ ය. 2020 ජනවාරි මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 9.2හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 6.8 දක්වා පහළ ගියේ ය. එ මෙන් ම, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 2.0හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 1.4 දක්වා පහළ ගියේ ය.

බලපත්‍රලාභී බැංකුවල අභිමතානුසාරී ගෙවීම්

බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ඇතුළු අභිමතානුසාරී ගෙවීම් සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ පහත පැහැදිලි කිරීම් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. මීට පෙර, 2020 මැයි 13 වැනි දින නිකුත් කරන ලද විධානයක් මගින්, කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය සමඟ හටගත් සුවිශේෂී තත්ත්වයන් හමුවේ, බලපත්‍රලාභී බැංකුවල ද්‍රවශීලතා සහ ප්‍රාග්ධන මට්ටම් ශක්තිමත් කිරීමේ  වැදගත්කම සැලකිල්ලට ගනිමින්, බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ප්‍රකාශයට පත්කිරීම, ලාභ මෙරටින් බැහැර කිරීම, තම කොටස් ආපසු මිලට ගැනීම, කළමනාකාරිත්වය සඳහා ගෙවනු ලබන දීමනා වැඩි කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල වෙත කරනු ලබන ගෙවීම් ඉහළ දැමීම ආදී අභිමතානුසාරී ගෙවීම් 2020 දෙසැම්බර් 31 දින දක්වා සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී.

අන්තර්ජාලය පදනම් කර ගත් මුල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කර ගත් සහ ජංගම දුරකතන යෙදුම් හරහා විවිධ වර්ගයේ මුල්‍ය වංචා සිදු කෙරෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබී ඇත. මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කර ගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කර ගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ. එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේ දී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ පහත සදහන් රහස්‍ය පාරිභෝගික තොරතුරු ඔවුන්ගෙන් ලබා ගැනීමට මහජනතාව පොළඹවයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ දී පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.6 දක්වා පහළ ගියේ ය. 2019 දෙසැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 9.4හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 7.5 දක්වා පහළ ගියේ ය. එසේ වුව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.7හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගියේ ය.

Pages