Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 ජූලි මස 06 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100කින්, පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය. මෑත කාලීනව මතුපිට උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ යෑම සහ ඉදිරි කාලයේදී අඛණ්ඩව ඉහළ උද්ධමනයක් පැවතීම පිළිබඳව අවධානය යොමු කරමින් අහිතකර උද්ධමන අපේක්ෂා ගොඩ නැගීම පාලනය කිරීම සඳහා තවදුරටත් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමට අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය. මෙම තීරණයට එළඹීමේදී මුදල් මණ්ඩලය විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් සහ මූල්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය යනාදිය කෙරෙහි දැඩි මුදල් තත්ත්වයන් මගින් වන බලපෑම සහ නුදුරු කාලීනව ආර්ථිකයේ සියලුම අංශ කෙරෙහි මිල පීඩන ඉහළ යෑම හේතුවෙන්  සිදුවිය හැකි අහිතකර බලපෑම් සලකා බලන ලදී. ඒ අනුව, මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම මගින් ආර්ථිකයේ යටිදැරි ඉල්ලුම් පීඩන ගොඩ නැගීම සීමා කරන අතරම මැදි කාලීනව ඉලක්කගත මතුපිට උද්ධමන මට්ටම ආසන්නයේ උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට උපකාරී වනු ඇතැයි මුදල් මණ්ඩලයේ අදහස විය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2022 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

වත්මන් මහ බැංකු අධිපතිවරයා යළිත් පත් කෙරේ

2022 ජූලි 4 වැනි දින සිට ක්රිියාත්මක වන පරිදි, ඉදිරි වසර හයක කාලයක් සඳහා ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්රීර ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැවත පත් කර ඇති බව ශ්රීා ලංකා මහ බැංකුව සතුටින් ප්රාකාශ කර සිටියි.

ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සිය සංචාරය අවසන් කරයි 2022

පීටර් බෲවර් (Peter Breuer) සහ මසහිරෝ නොසාකි (Masahiro Nizaki) යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ජා.මූ. අරමුදලේ සහාය ලබාදීමට සහ බලධාරීන්ගේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබද සාකච්ඡා කිරීමට 2022 වසරේ ජූනි 20 සිට 30 දක්වා කාලය තුළදී කොළඹට පැමිණියහ. ජා.මූ. අරමුදලහි ආසියා සහ පැසිෆික් කලාපීය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඈන්-මරී ගුල්ඩේ-වුල්ෆ් (Anne-Marie Gulde-Wolf) මහත්මිය ප්‍රතිපත්ති සාකච්ඡාවලට සහභාගී විය.

දුත මණ්ඩලයේ සංචාරය අවසානයේදී බෲවර් සහ නොසාකි මහත්වරුන් විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී:

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 54.6ක් වශයෙන් වාර්තා විය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 39.1හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 54.6ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 57.4හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 80.1 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 30.6හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 42.4 දක්වා ඉහළ ගියේය.

ඉඩම් තක්සේරු දර්ශකය - 2021 වසරේ දෙවන භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2021 වසරේ දෙවන භාගයේ දී සියයට 17.9 ක වාර්ෂික වර්ධනයක් සමග දර්ශකාංක 178.7 දක්වා ඉහළ ගියේය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි මෙම වාර්ෂික වර්ධනය (සියයට 17.9) මෙන්ම අර්ධ වාර්ෂික වර්ධනය (සියයට 11.9) මඟින් 2017 වසරේ සිට මේ දක්වා වාර්තා වූ දර්ශකයේ වැඩිම ඉහළ යාම් පෙන්නුම් කරයි.

ඉඩම් තක්සේරු දර්ශකයෙහි වැඩි වීම සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය.කාර්මික ඉඩම් ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 21.1 අගය වාර්තා වූ අතර, අනුපිළිවෙලින් වාණිජ සහ නේවාසික ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි ද වර්ධනයක් දක්නට ලැබුණි.

සම්පුර්ණ ලිපිය

Pages