Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 58.9ක් වශයෙන් වාර්තා විය

 ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 45.3හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 58.9ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 58.0හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 75.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 34.2හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 43.6 දක්වා ඉහළ ගියේය.

පවතින සුවිශේෂී සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් සහන සැලසීම

කොවිඩ්-19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තියත් සමඟ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 මාර්තු මාසයේ සිට පීඩාවට පත් ණය ගනුදෙනුකරුවන් වෙත සහන සැලසීම සඳහා යෝජනා ක්‍රම කිහිපයක් ම හඳුන්වා දුන් අතර, එයට ණය සහන කාලයක් ලබා දීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම/ප්‍රතිලේඛනගත කිරීම, ණය ආපසු අයකර ගැනීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීම, අඩු වියදම් කාරක ප්‍රාග්ධන ණය ලබා දීම සහ ඇතැම් බැංකු ගනුදෙනු සඳහා අය කල ගාස්තු ඉවත් කිරීම ආදිය ඇතුළත් වේ. මෙම සහන සඳහා පුද්ගලික අංශයේ සේවකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සහ සංචාරක, ප්‍රවාහන, නිෂ්පාදන, සේවා, කෘෂිකර්මය, ඉදිකිරීම්, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ සහ ඒ ආශ්‍රිත සැපයුම් සේවාවන්හි නිරත අනෙකුත් ව්‍යාපාර හා පුද්ගලයින් ඇතුලත් විය. කෙසේ වෙතත්, කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන් සඳහා ලබා දී තිබූ මෙම සහන කාලයන්ගේ අවසන් අදියර 2021.12.31 දිනෙන් අවසන් වූ අතර සංචාරක අංශයට ලබාදුන් ණය සහන කාලයේ අවසන් අදියර 2022.06.30 දිනෙන් අවසන් විය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 ජූනි

2022 ජුනි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පෙර මාසයට සාපේක්ෂව පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ජුනි මාසයේ දී පහළ යන ලදී.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, අඛණ්ඩව තෙවන මාසයටත් සේවා ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරමින්, 2022 ජූනි මාසයේ දී 40.3ක දර්ශක අගයක් දක්වා තවදුරටත් පහත වැටුණේය.

ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල් (Virtual Currency) භාවිතය පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීම

ජාත්‍යන්තර සහ දේශීය වෙළෙඳපොළ තුළ අතථ්‍ය මුදල් භාවිතය සම්බන්ධ මෑතකාලීන වර්ධනයන් මෙන්ම අතථ්‍ය මුදල් සම්බන්ධව කරන ලද විමසීම් සැලකිල්ලට ගනිමින් පහත සඳහන් කරුණු මහජනතාවට දැනුම් දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

අතථ්‍ය මුදල් යනු පුද්ගලිකව නිකුත් කරනු ලබන සහ ඉලෙක්ට්‍රොනිකව හුවමාරු කළ හැකි බොහෝ දුරට නියාමනය කිරීමකට යටත් නොවන, වටිනාකම් ඩිජිටල් ආකාරයට නිරූපණය කිරීමක් වේ.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 මැයි

වෙළඳ හිඟයේ පහළ යෑම අඛණ්ඩව තෙවන මාසය දක්වාත් දීර්ඝ කරමින්, 2022 වසරේ මැයි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අපනයන ඉපැයීම් ඉහළ ගිය අතර ආනයන වියදම පහළ ගියේය. මේ අතර, 2022 වසරේ මැයි මාසයේ දී සංචාරක පැමිණීම් පෙර මාසයට සාපේක්ෂව මන්දගාමී විය. 2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව, 2022 වසරේ මැයි මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ ගියේය. 2022 වසරේ මැයි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීම් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළඳපොළ මත වූ ද්‍රවශීලතා පීඩනය සැලකිල්ලට ගනිමින්, මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මාසයේ දී යම් ආනයන මත මුදල් ආන්තික අවශ්‍යතා පනවන ලද අතර රජය විසින් විවෘත ගිණුම් සහ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම මත සිදුකල ආනයන මත සීමා පැනවීම වැනි අනෙකුත් ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලදී. මෙම පියවර මඟින් අවිධිමත් විදේශ විනිමය වෙළඳපොළ ක්‍රියාකාරකම් සීමා කිරීමටත් නිල සහ අවිධිමත් වෙළඳපොළ විනිමය අනුපාතික අතර පරතරය අඩු කිරීමටත් බලාපොරොත්තු විය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 359ක් ලෙස ස්ථාවරව පැවති අතර, මේ සඳහා දේශීය විදේශ විනිමය වෙළඳපොළේ පීඩනය කළමනාකරණය කිරීම සඳහා හඳුන්වා දුන් ක්‍රියාමාර්ග සහ වෙළඳපොළ මාර්ගෝපදේශ උපකාරී විය.

විදේශ ව්‍යවහාර මුදල් වල හිමිකාරීත්වය පිළිබඳව නිකුත් කර ඇති නියමය බලපැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීම

ශ්‍රී ලංකාව තුළ සිටින හෝ නේවාසික පුද්ගලයන් සන්තකයේ පවතින විදේශ ව්‍යවහාර මුදල් බලයලත් වෙ‍ෙළන්දකු (බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව) වෙත තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදානය කරන ලද පොදු සමාකාලය 2022.07.26 දින දක්වා, තවත් වැඩකරන දින 14 ක කාලයක් සඳහා දීර්ඝ කරමින් මුදල් අමාත්‍යවරයා විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 8 වැනි වගන්තිය යටතේ නියමයන් නිකුත් කර ඇත.

වැඩිදුර විස්තර සඳහා 2022.07.05 දිනැති අංක 2287/16 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද විදේශ විනිමය පනතේ 8 වැනි වගන්තිය යටතේ වන නියමය www.dfe.lk හරහා බාගත කිරීමෙන්/ පිවිසීමෙන් පරිශීලනය කළ හැක.

Pages