Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

වියේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2025 සැප්තැම්බර්

2025 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ විදේශීය අංශයෙහි මාසික ජංගම ගිණුමෙහි අඛණ්ඩ අතිරික්තයන් වාර්තා කිරීමෙන් පසුව, 2025 වසරේ සැප්තැම්බර් මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, පළමු මාස නවය සඳහා ජංගම ගිණුමෙහි සමුච්චිත අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

ප්‍රධාන වශයෙන් වාහන ආනයනය වැඩිවීම හමුවේ ආනයන වියදම එ.ජ. ඩොලර් බිලියන 2ක් ඉක්මවා යාම හේතුවෙන්, 2025 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඉහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව නියෝජ්‍ය අධිපතිවරුන් පත් කිරීම

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත, ගරු මුදල් ඇමතිතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට ද සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් මස 03 වන දා සිට ද ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇත. 

ලෝක බැංකු සමූහයේ/ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2025 වාර්ෂික රැස්වීම්වල ඉහළ මට්ටමේ සාකච්ඡාවලට ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගී වූ අතර, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව වෙතින් පිරිනැමෙන “A ‌ශ්‍රේණියේ” සම්මානයෙන් මහ බැංකු අධිපතිවරයා පිදුම් ලබයි

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිස, 2025 වසරේ ඔක්තෝබර් මස 13 සිට 18වන දින  දක්වා වොෂින්ටන් ඩී.සී.හි පැවති ලෝක බැංකු සමූහයේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2025 වාර්ෂික රැස්වීම් අතරතුර දී, ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික  සහ බහුපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සක්‍රීයව සම්බන්ධ විය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 සැප්තැම්බර්

2025 සැප්තැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 55.4ක අගයක් වාර්තා කළේය. මෙහිදී, සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයට නව සාමාජිකයෙකු පත් කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා විසින් ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ මහතා 2025 ඔක්තෝබර් 02 වැනිදා සිට බලාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනමය සහ කළමනාකරණ කටයුතු පාලනය කිරීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා වගකිව යුතු ආයතනය ලෙස පාලක මණ්ඩලය පිහිටුවා ඇත. තව ද, ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 12 (1) (ආ) වගන්තිය ප්‍රකාර ව පාලක මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ  සාමාජිකයින් ලෙස ද කටයුතු කරයි.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹෙයි

එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායමක් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වන සමාලෝචනය සඳහා 2025 සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 09 දක්වා කොළඹ සංචාරයක යෙදුණි. ජා.මූ. අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමෙන් පසු, ජා.මූ. අරමුදල 2025 ඔක්තෝබර් 09 වන දින පහත මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.

Pages