Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන “21”ක්  1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති අතර, එකී ආයතනවල නාමයන් පහත දක්වා ඇත.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 දෙසැම්බර්

2024 දෙසැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 දෙසැම්බර් මාසයේදී 57.2ක දර්ශක අගයක් වාර්තා කළේය. සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක මෙම වර්ධනය සඳහා ධනාත්මක ලෙස දායක විය.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව තවත් වසර තුනක (03) කාලයක් සඳහා 2024 දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරන ලදී. චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව නිරූපණය ක‍ෙර‍ෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

“ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු” යන තේමාව යටතේ 2025 වසර සඳහා වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් 2025 ජනවාරි 9 වන දින හම්බන්තොට මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා, බැංකු, මූල්‍ය ආයතන සහ විදුලි සංදේශ සේවා සපයන්නන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ මහජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2025 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී ද ඍණ අගයක් වාර්තා කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව සිව්වන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.1ක අවධමනයට සාපේක්ෂව 2024 දෙසැම්බර් මාසයේ දී සියයට 1.7ක අවධමනයක් වාර්තා කළේය.

Pages