Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - ඔක්තෝබර් 2023

2023 ඔක්තෝබර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සුළු වශයෙන් පහත වැටීමක් ද සේවා ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් ද පෙන්නුම් කරන ලදී.

2023 ඔක්තෝබර් මාසයේදී ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 49.5ක අගයක් වාර්තා කරමින්  කඩඉම් මට්ටම කරා ආසන්න විය. උප-දර්ශක සලකන විට දී, නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම් මෙම මාසයේ දී ඉහළ ගිය අතර, නිෂ්පාදන සහ සේවා නියුක්තිය පහළ අගයක පැවතුණි. 

සේවා ක්‍රියාකාරකම්හි අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2023 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 56.2ක් වාර්තා කළේය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, 2023 ඔක්තෝබර් මාසය තුළ දී නිමකිරීමට නියමිත කාර්යයන් සහ සේවා නියුක්තිය පහළ ගියේය. 

සම්පුර්ණ ලිපිය

ලෝක බැංකුව ශ්‍රී ලංකා මූල්‍ය පද්ධති ආරක්ෂණ ඡාලය ශක්තිමත් කිරීම සඳහා එ.ජ.ඩොලර් මිලියන 150ක් අනුමත කරයි

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදලේ මූල්‍ය හා ආයතනික ශක්‍යතාවය වර්ධනය කර ගැනීම  සඳහා  ශ්‍රී ලංකා මූල්‍ය පද්ධති ආරක්ෂණ ඡාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ (ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය කෙරෙහි අවධානය යොමු කරමින්) ලෝක බැංකුව විසින් එ.ජ.ඩොලර් මිලියන 150ක් අනුමත කරන ලදී.  

ලෝක බැංකුව විසින් 2023 නොවැම්බර් 09 වන දින පහත සඳහන් මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලදී.

වොෂින්ටන්, නොවැම්බර් 9, 2023 ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය ක්ෂේත්‍රෙය්  ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 150 ක මූල්‍ය ප්‍රතිපාදන අනුමත කරන ලදී.

"මූල්‍ය පද්ධතියේ පැවැත්ම සඳහා ශක්තිමත් ආරක්ෂිත ජාලයක අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය තුලින් ඉස්මතු කර පෙන්වයි. රටක ආර්ථිකයට, ව්‍යාපාරික සහ පුද්ගලයන්, කුඩා පරිමාණ ව්‍යාපාර සහ අඩු ආදායම්ලාභී කුටුම්භයන් සඳහා රටක ස්ථාවර සහ විශ්වාසනීය බැංකු අංශයක් අත්‍යාවශ්‍ය වේ" ලෙස ෆාරිස් හඩාඩ් -සර්වෝස්,  මාල දිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සම්බන්ධිත අධ්‍යක්ෂ පවසා සිටියේය. 

කො.පා.මි.ද. මත පදනම් වු මතුපිට උද්ධමනය 2023 ඔක්තොබර් මාසයේ දී සුළු වශයෙන් ඉහළ ගියේය

ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල අඛණ්ඩ පහත වැටීම පිළිබිඹු    කරමින් ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 44.3ක අගයක් වාර්තා කරන ලදී. ව්‍යාපෘති කටයුතුවල අඛණ්ඩ පහත වැටීම ඉදිකිරීම් කටයුතුවල ක්‍රියාකාරිත්වයට අඛණ්ඩව අහිතකර ලෙස බලපෑ අතර මාසය පුරා පැවති වර්ෂාව දැනට පවතින ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය අඩාල කිරීමට ද හේතු විය.

නව ඇණවුම් සැප්තැම්බර් මාසයේදී අඛණ්ඩව පහත වැටුන ද  පහත වැටීමේ වේගය පෙර මාසයට සාපේක්ෂව අඩු විය. විශේෂයෙන් විදේශ ආධාර ලබන සමහර ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් අවස්ථාවන් ක්‍රමයෙන් විවෘත වෙමින් පැවැතිය ද ලංසු මිල ඉතා තරඟකාරී බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් බොහොමයක් සඳහන් කරන ලදී. මේ අතර, බොහෝ සමාගම් අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් පවත්වා ගැනීමට කැමැත්තක් දක්වන බැවින් සේවා නියුක්තිය පහත වැටුණි. තවද, ඉදිකිරීම් කටයුතුවල අඩුවීමට සමගාමීව, මාසය තුළ මිලදී ගැනීම් ප්‍රමාණය අඩු විය. මේ අතර, ප්‍රධාන වශයෙන් ඉල්ලුම අඩුවීම හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළදී අඩු විය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) - සැප්තැම්බර් 2023

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 සැප්තැම්බර්

වෙළඳ හිඟය, 2022 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව අඩු අපනයන ඉපැයීම් සහ ඉහළ ආනයන වියදම්වල ඒකාබද්ධ බලපෑම හේතුවෙන් 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී පුළුල් විය. 2023 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ සමුච්චිත වෙළඳ හිඟය තවදුරටත්  සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතුණි. 

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.

2023 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස නවය තුළ සංචාරක පැමිණීම් මිලියනයකට වඩා වාර්තා විය.

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජන පෙර මාසවලට සාපේක්ෂව 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී අඩු ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

2023 වසරේ සැප්තැම්බර් මාසය අවසාන වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 3.5ක් විය.

2023 වසරේ සැප්තැම්බර් මාසය තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යම් විචලනයක් පෙන්නුම් කළේය.

සම්පූර්ණ ලිපිය

ශ්‍රී ලංකා මහ බැංකුව - ආසියානු සංවර්ධන බැංකු ආයතනය - ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒකාබද්ධව සිදුකළ සිවුවන පර්යේෂණ වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමසත්කාරකත්වය දැරීය

ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයෙහි ඒකාබද්ධ පර්යේෂණ වැඩමුළුව 2023 වසරේ ඔක්තෝබර් මස 27 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. අඛණ්ඩව සිවුවන වසරටත් ශ්‍රී ලංකා මහ බැංකුව සමසත්කාරීත්වය දරමින් පැවති මෙම පර්යේෂණ වැඩමුලුවෙහි සමදායකත්වය ආසියානු සංවර්ධන බැංකු ආයතනය (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය (Asia-Pacific Applied Economics Association-APAEA) මගින් දරන ලදී. මෙම පර්යේෂණ වැඩමුළුව 'ආසියා සහ පැසිෆික් කලාපයේ මුදල් ප්‍රතිපත්ති සහ මහ බැංකු ගැටලු’යන තේමාව යටතේ පැවැත්විණි. 

Pages