ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 නොවැම්බර් මාසයේදී සුළු වේගයකින් වුවද වර්ධනයක් පිළිබිඹු කරමින් දර්ශකාංක 51.4ක් ලෙස වාර්තා විය. මෙම මාසය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිය සැලසුම් කළ වැඩ කටයුතු වලට යම් බාධා සිදු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.















