කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ දෙවන භාගයේ දී 236.8 ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 7.7 ක වැඩි වීමකි. නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 9.9ක, 9.4ක සහ 3.9ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් මෙම වැඩිවීමට දායක විය. අර්ධ වාර්ෂික පදනමින්, එනම්, 2024 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව එම වසරේ දෙවන භාගයේ දී, ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අඩු වේගයකින් වර්ධනය වී ඇත. ඉහළම වර්ධනය නේවාසික අනු දර්ශකය මගින් නිරීක්ෂණය වූ අතර, අනුපිළිවෙළින්, වාණිජ හා කාර්මික අනු දර්ශක ද වර්ධනය වී ඇත.
Published Date:
Thursday, February 27, 2025