දැනටමත් පිහිටුවා ඇති පශ්චාත් කොවිඩ්-19 යළි පණගැන්වීමේ ඒකකවල ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහ එම ඒකක, ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකක ලෙස වැඩිදියුණු කරලීම උදෙසා, 2024 මාර්තු 28 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත පුළුල් මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. යෝජිත ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකකවල වැඩි දියුණු කළ විෂය පථය මගින්, බලාපොරොත්තු නොවූ සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ, එනමුත් පවත්වා ගෙන යෑමට හැකියාව ඇති ව්‍යාපාර තිරසර ලෙස යළි නඟා සිටුවීමට පහසුකම් සැලසෙන අතර බලපත්‍රලාභී බැංකුවල ඉහළ ගිය අක්‍රීය ණය නිසි ලෙස හැසිරවීම ට සහාය වෙයි. මෙම මාර්ගෝපදේශ සකස් කිරීමේ දී මහ බැංකුව විසින් බැංකු ක්ෂේත්‍රය, වාණිජ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් සලකා බලන ලදී.