ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක කරන මාස 48ක විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය දැක්වීම සඳහා විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 350ක් පමණ) මූල්‍යන පහසුකමක් වෙත ක්ෂණික ප්‍රවේශය ලබා දෙන ලදී. මෙය ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පස්වන වාරිකය වන අතර, ඒ අනුව ජා.මූ. අරමුදලෙන් මේ දක්වා ලබා දී ඇති මුළු මූල්‍යන සහාය විගැ.හි. බිලියන 1.27ක් (එ.ජ. ඩොලර් බිලියන 1.74ක් පමණ) දක්වා ඉහළ යනු ඇත. ජා.මූ. අරමුදල විසින් 2025 වසරේ ජූලි 03 වන දින පහත දැක්වෙන මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.
Thursday, July 3, 2025