Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2016 ජූනි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළෙඳ හිඟය පුළුල් වීමත් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම්වල වර්ධනය සාපේක්ෂ ව අඩු වීමත් සමඟ 2016 ජූනි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය මධ්‍යස්ථ මට්ටමක පැවතුණි. වසරේ පළමු මාස හතර තුළ දී ක්‍රමික අඩු වීමක් පෙන්නුම් කළ වෙළෙඳ හිඟය මැයි සහ ජූනි මාස තුළ දී අපනයන මෙන් ම ආනයනයන්හි ද සිදු වූ දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඉහළ ගියේ ය. වසරේ පෙර මාස සමඟ සැසඳීමේ දී ජූනි මාසය තුළ දී සංචාරක ඉපැයීම් අඩු වර්ධනයක් වාර්තා කළ අතර විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනය ද මධ්‍යස්ථ විය. කෙ සේ නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ පළමු වාරිකය ලැබීම සහ ඒකාබද්ධ ණය පහසුකම මගින් වූ ලැබීම් හේතුවෙන් මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ඉහළ ගියේ ය. මූල්‍ය ගිණුම වෙත වූ මෙම ලැබීම් සහ එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීම තවදුරටත් කල් දැමීමත් සමඟ ගෝලීය ආර්ථිකයේ සිදු වූ වෙනස්කම්හි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ වූ විදේශීය ආයෝජන යථා තතත්වයට පත් විය. මේ හේතුවෙන් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ වූ විදේශීය ආයෝජන වසරේ පළමු කාර්තුව තුළ දී වාර්තා කළ අඛණ්ඩ ගෙවීමට සාපේක්ෂ ව 2016 ජූනි මාසයේ දී ශුද්ධ ලැබීමක් වාර්තා කළේ ය.

SAARCFINANCE Coordinators’ Meeting held in Colombo on 1 September 2016

The Central Bank of Sri Lanka hosted the 24th SAARCFINANCE Coordinators’ Meeting at the Central Bank premises, Colombo, on 1st September 2016. The 24th SAARCFINANCE Coordinators’ Meeting was attended by SAARCFINANCE Coordinators and Focal Points from the Central Banks and Ministries of Finance in the SAARC region.

The broad objective of SAARCFINANCE is to promote cooperation among Central Banks and Ministries of Finance in SAARC Member States to forge closer cooperation on macroeconomic policies of Member States and to share experiences and expertise within the region. 

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 අගෝස්තු

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට හා මූලික උද්ධමනය 2016 ජූලි මාසයේ දී පහළ ගියේ ය. දේශීය සැපයුම් යථා තත්ත්වයට පත් වීම මෙන් ම ඇතැම් බදු සංශෝධන අත්හිටුවීම පාරිභෝගික මිල උද්ධමනය පහළ යෑමට හේතු විය. කෙ සේ වුවත්, වාර්ෂික සාමාන්‍ය මිල වෙනස් වීම් මගින් පිළිබිඹු වන පරිදි යටිදැරි උද්ධමනයේ ඉහළ යෑමේ ප්‍රවණතාව වසරේ මේ දක්වා ම නො කඩවා පැවැතුණි. 

2016 ජූලි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූනි මාසයේ දී වාර්තා කළ සියයට 6.4 සිට 2016 ජූලි මාසයේ දී සියයට 5.8 දක්වා පහළ ගියේ ය. 2016 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 ජූනි මස වාර්තා වූ සියයට 3.1 සිට 2016 ජූලි මස දී සියයට 3.4 දක්වා ඉහළ ගියේ ය. 

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2016 ජූලි

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජූනි මාසයේ වාර්තා කළ 55.1 සිට 2016 ජූලි මාසයේ දී 50.6ක් දක්වා පහළ ගියේ ය. මෙහි දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සහ උප දර්ශක මැයි මාසයට ස‍ාපේක්ෂ ව ජූනි මාසයේ දැක් වූ සැලකිය යුතු වර්ධනයෙන් පසු ව ජූලි මාසය තුළ දී මෙ ලෙස මන්දගාමී වී ඇත. මේ සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන දර්ශකවල පහත වැටීම ප්‍රධාන වශයෙන් හේතු විය. තව ද, සේවා නියුක්ති සහ ගැනුම් තොග දර්ශක හැරුණු කොට සියලු ම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව පහත වැටුණි. නිෂ්පාදන සහ ගැනුම් තොග දර්ශක හැරුණු කොට සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50ට වඩා අඩු අගයක් වාර්තා කළ ද නිෂ්පාදන සහ ගැනුම් තොග දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතීම හේතුවෙන් සමස්ත දර්ශකය වර්ධනය විය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2016

ශ්‍රී ලංකා මහ බැංකුවේ  වාර්ෂික ප්‍රකාශනයක් වන 'ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2016' පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනයේ දළ දේශීය නිෂ්පාදිතය, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය බැංකු, බැංකු සහ මූල්‍ය ආයතන, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය හා විදුලි සංදේශ සේවා, ජනගහනය සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද ඇතුළත් වේ. ඊට අමතර ව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද ආදායම් හා වියදම් පිළිබඳ සමීක්ෂණයෙන් සොයා ගත් ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය, දරිද්‍රතාව සහ කුටුම්භ ලක්ෂණවලට අදාළ තොරතුරු ද මෙහි ඇතුළත් කර ඇත. තව ද, මූලික ආර්ථික විචල්‍යයන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද පළාත් මට්ටමින් මෙම ප්‍රකාශනයේ ඇතුළත් වේ. දත්ත විශ්ලේෂණය කරන්නන්ගේ විවිධ අවශ්‍යතාවලට ගැලපෙන අන්දමින් විවිධ අනුඛණ්ඩ යටතේ කාලශ්‍රේණි/හරස් අංශ දත්ත වශයෙන් මෙම ප්‍රකාශනයේ ඉදිරිපත් කර ඇත.

Pages