නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 අගෝස්තු මාසයේ දී වාර්තා කළ 53.5 සිට 2016 සැප්තැම්බර් මාසයේ දීී 57.7ක් දක්වා දර්ශක අගයන් 4.2කින් ඉහළ ගියේ ය. මේ සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ වර්ධනය බෙහෙවින් දායක විය. මෙහි දී පසුගිය මාසයට සාපේක්ෂ ව ගැනුම් තොග දර්ශකය නො වෙනස් ව පැවැති අතර නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක ඉහළ ගියේ ය. කෙ සේ නමුත්, සේවා නියුක්තිය සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව පහළ ගියේ ය. තව ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 හි පැවැති අතර අනෙකුත් සියලු ම උප දර්ශක කඩඉම් අගයට වඩා වැඩි අගයක් වාර්තා විය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.















2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2016 සැප්තැම්බර් 27 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල් එම් එන් රණසිංහ සහ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එච් අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි.