ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකා ආර්ථිකය 2015 වසරේ අවසන් කාර්තුවේ වාර්තා කරන ලද සියයට 2.5ක මූර්ත වර්ධනයට සාපේක්ෂ ව 2016 වසරේ පළමු කාර්තුව තුළ දී සියයට 5.5කින් වර්ධනය වී ඇත. 2016 වසරේ පළමු කාර්තුව තුළ දී පිළිවෙළින් සියයට 8.3කින් සහ සියයට 4.9කින් වර්ධනය වූ කාර්මික අංශය හා සේවා අංශය ආශ්‍රිත ක්‍රියාකාරකම් ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර කෘෂිකර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙම කාල සීමාව තුළ දී සියයට 1.9ක මන්දගාමී වර්ධනයක් වාර්තා කළේ ය. පළමු කාර්තුව තුළ වාර්තා කරන ලද වර්ධන අනුපාතිකය වර්ෂය සඳහා වන ආර්ථික වර්ධන අපේක්ෂා සමඟ අනුකූල වේ.















