Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ ශ්‍රී ලංකා සංචාරය නිමා වෙයි

රටක සංචාරය අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන පුවත්පත් නිවේදනයන්හි එම නිලධාරීන්ගේ මූලික නිරීක්ෂණ ඇතුළත් වේ.  මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය අත්‍යවශ්‍යයෙන් පිළිබිඹු නො කරයි. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙළ කරන අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙනු ඇත.

2017 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

අපනයන ඉහළ යෑම හා මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය අඛණ්ඩ ව වර්ධනය විය. කෙ සේ වුව ද, 2017 ජූලි මාසයේ දී අපනයන ආදායම වැඩි වුව ද, ආනයන වියදම වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ හිඟය 2016 වසරේ අනුරූප මාසයට සාපේක්ෂ ව පුළුල් විය. 2017 ජූලි මාසයේ දී සංචාරක ඉපැයීම් සුළු වශයෙන් අඩු වූ අතර පසු ගිය මාස හතර පුරා පැවැති අඩු වීමේ ප්‍රවණතාව වෙනස් කරමින් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ ගියේ ය. රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම්, රජය වෙත ලැබුණු දිගු කාලීන ණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ තුන් වන වාරිකය ලැබීම මෙන් ම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ ආයෝජන සමඟ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් තවදුරටත් ශක්තිමත් විය.

සම්පූර්ණ ලිපිය

මහ බැංකු අධිපති විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පළ වූ සාවද්‍ය මාධ්‍ය වාර්තා පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කරයි

2017 වසර තුළ උද්ධමනය ඉහළ යෑම සඳහා හේතුව වශයෙන් එකතු කළ අගය මත බදු වෙනස්කම් සිදු කිරීමේ බලපෑම පිළිබඳ ව ඇතැම් මාධ්‍යවල පළ වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. 

ඒ අනුව, 2017 අංක 6 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති විසින් 2017 වසරේ දී උද්ධමනය ඉහළ යෑමට අදාළ ව සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳ ව මහ බැංකුව මෙ සේ කරුණු පැහැදිලි කරනු ලබයි. එහි දී, බදු ව්‍යුහයට සිදු කරන ලද ගැලපීම්වලට අමතර ව අහිතකර කාලගුණ තත්ත්වය හේතු කොට ගෙන සැපයුම් අංශයේ ඇති වූ අවහිරතා, ජාත්‍යන්තර වෙළෙඳ භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම සහ පදනම් බලපෑම ද 2017 වසරේ උද්ධමනය ඉහළ යෑමට බලපාන ලද බව අධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදි. ඉහත දක්වන ලද සාධක මහ බැංකුවට පාලනය කළ නො හැකි වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2016 වසරේ මුල් භාගයේ සිට දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගෙන යෑම තුළින් ඉල්ලුම නිසා ඇති විය හැකි උද්ධමන පීඩනය සහ අහිතකර උද්ධමන අපේක්ෂා අවම කිරීමට කටයුතු කොට ඇත.

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 6

පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 සැප්තැම්බර් මස 25 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය ‍කළේ ය.

ඉහත තීරණය ගැනීමෙහිලා මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් ප්‍රධාන කරුණු සැලකිල්ලට ගනු ලැබී ය.

2017 අගෝස්තු මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 ජූලි මාසයේ පැවැති සියයට 6.3ට සාපේක්ෂ ව 2017 අගෝස්තු මාසයේ දී සියයට 7.9ක් දක්වා ඉහළ ගියේ ය. 2017 අගෝස්තු මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 6.2 හි සිට 2017 අගෝස්තු මාසයේ දී සියයට 6.5 දක්වා ඉහළ ගියේ ය.

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 අගෝස්තු

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය. 2017 අගෝස්තු මාසයේ දී 54.4ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 ජූලි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයන් 0.1ක සුළු වර්ධනයකි. මෙම ඉහළ යෑම කෙරෙහි ඉදිරියේ දී සැපයීමට නියමිත නව ඇණවුම් සඳහා අවශ්‍ය තොග මිල දී ගැනීම් මෙන් ම නිෂ්පාදන කටයුතු අඩු වේගයකින් වර්ධනය වීම නිසා තොග එක් රැස් වීම හේතුවෙන් ගැනුම් තොග දර්ශකය ඉහළ යෑම ද ප්‍රධාන වශයෙන් දායක විය. ආයතනවලට විශේෂිත වූ ගැටළු හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ඉහළ යන ලදි. සේවය හැර යන ශ්‍රමිකයින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා නුපුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමේ අපහසුතාව හේතුවෙන් විශේෂයෙන් ම ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත ව සේවා නියුක්ති උප දර්ශකය පහළ යන ලදි. කෙ සේ වුව ද, සේවා නියුක්ති උප දර්ශකය හැර සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදි. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ධනාත්මක අගයක් වාර්තා කරයි.

Pages