Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවදුරටත් වර්ධනය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව 2017.04.26 දින සිට රාජ්‍ය සුරැකුම්පත්වල ප්‍රතිමිල දී ගැනීම් ගනුදෙනු සඳහා බ්ලූම්බර්ග් (Bloomberg) විද්‍යුත් බැඳුම්කර වෙළෙඳ පද්ධතිය භාවිත කරන ලෙස ප්‍රාථමික ගනුදෙනුකරුවන් හා නිල ලත් බැංකුවලට නියම කොට ඇත. ඒ අනුව, ඔවුන් පහත සඳහන් කරුණුවලට අනුගත විය යුතු ය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වසර සඳහා වන වාර්ෂික වාර්තාව

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 67 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත පිළිගන්වන ලදී.

සම්පූර්ණ ලිපිය

 

2017 මාර්තු මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 පෙබරවාරි මාසයේ දී වාර්තා ක‍ළ සියයට 8.2 හි සිට 2017 මාර්තු මාසයේ දී සියයට 8.6 දක්වා ඉහළ ගියේ ය. 2017 මාර්තු මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 2017 මාර්තු මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑමට පසුගිය වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ පැවැති අඩු පදනම් අගය හේතු විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 5.1 හි සිට 2017 මාර්තු මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගියේය.

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 මාර්තු

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 මාර්තු මාසයේ දී 66.5ක දර්ශක අගයක් වාර්තා කරමින් 2017 පෙබරවාරි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 9.4කින් ඉහළ යන ලදී. මෙම ඉහළ යෑම තුළින් මාර්තු මාසයේ දී ද නිෂ්පාදන ක්‍රියාකාරකම්හි අඛණ්ඩ වර්ධනය පිළිබිඹු වන අතර මේ සඳහා අලුත් අවුරුදු උත්සව සමයෙහි ඇති වන ඉල්ලුමෙහි වර්ධනය සහ ඊට අනුරූප නිෂ්පාදන කටයුතුවල ඉහළ යෑම පිළිබිඹු කරමින් නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක වර්ධනය විය. මේ අතර, පසුගිය මාසය තුළ ඇති වූ භාණ්ඩ තොග ලැබීමේ වූ ප්‍රමාදය යථා තත්ත්වයට පත් වීම සහ භාණ්ඩ තොග රැස් කර ගැනීම හේතුවෙන් ගැනුම් තොග උප දර්ශකය ඉහළ යන ලදී. කෙ සේ වුව ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය පහත වැටුණි. මේ සඳහා චීනයේ නව අවුරුදු උත්සව සමය අවසන් වීමත් සමඟ සැපයුම් සාමාන්‍ය පරිදි ලැබීම විශේෂයෙන් ම හේතු විය. තව ද, සේවා නියුක්ති උප දර්ශකය සුළු වශයෙන් පහත වැටුණි. මෙහි දී සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන්හි වර්ධනයෙහි මන්දගාමීත්වයක් පෙන්නුම් කරන ලදී. 

සේවක අර්ථසාධක අරමුදල විසින් රාජ්‍ය සුරැකුම්පත්වල සිදු කර ඇති ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ වාර්තාවට අදාළ ව පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශය

මෑතක දී පැවැත්වුණු මුදල් මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා වූ කරුණු පිළිබඳ ව මාධ්‍ය වාර්තා කිහිපයක පළ කර තිබූ සාවද්‍ය කරුණු සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව සිය ස්ථාවරය මෙ සේ පැහැදිලි කර සිටී.

සේවක අර්ථසාධක අරමුදල මඟින් රාජ්‍ය සුරැකුම්පත්වලට අදාළ ව සිදු කර තිබූ ගනුදෙනු සම්බන්ධ ව සිදු කරන ලද පරීක්ෂණයෙන් අනාවරණය වූ කරුණු අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම තීරණය කිරීම සඳහා මුදල් මණ්ඩලය විසින් එම පරීක්ෂණ වාර්තාව සාකච්ඡාවට ලක් කරන ලදී. යම් වරදක් සිදු කර ඇති බවට සාක්ෂි මඟින් පෙනී යන්නේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර කාර්යය පටිපාටීන්ට අනුකූල ව අදාළ කවර හෝ නිලධාරීන්ට එරෙහි ව විනය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කිරීමට මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී. 

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2016 දෙසැම්බර්

2016 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ දේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායමෙහි වර්ධනයට වඩා ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් 2016 දෙසැම්බර් මාසයේ දී වෙළෙඳ හිඟය පුළුල් විය. මෙම මාසය තුළ දී සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හිතකර වර්ධනයක් වාර්තා කළේ ය. 2016 දෙසැම්බර් මාසයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යම් ලැබීම් ප්‍රමාණයක් වාර්තා වුව ද, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ ගෙවීමක් දැකිය හැකි විය.  

සම්පූර්ණ ලිපිය

Pages