වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ මව් සමාගම වන ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොල වෙත ඉදිරිපත් කරන ලද සාංගමික හෙළිදරව් කිරීමක් සහ ඒ පිළිබඳව ඇතැම් මාධ්‍යවල පලවූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුවී තිබේ.
වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ කොටස්, එච්පීඑල් ප්‍රොපර්ටීස් ගෲප් ආයතනය වෙත විකිණීමට අදහස් කරන බව 2018 ජූනි මාසයේදී වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ සභාපති විසින්, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත. ඉන් පසුව, මේ සම්බන්ධව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගම සමඟ සාකච්ඡා ගණනාවක් සිදුකරන ලදී. ඒ අනුව වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ සිදුකර ඇති කොටස් ආයෝජනයෙහි තක්සේරුවක් ලබාගැනීමට, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති අතර තක්සේරු ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතී.















