ඩිජිටල් යුගයේ අභියෝගයන්ට සක්‍රිය ලෙස මුහුණදීමේ හැකියාව ඉහළ නැංවීම තුළින් ශක්තිමත් සහ ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතුව ඉදිරිය සඳහා හැඩගැස්වීම“ යන තේමාව යටතේ ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සියළු බලපත්‍රලාභී බැංකුවල අධ්‍යක්‍ෂ මණ්ඩල, ප්‍රධාන විධායක නිලධාරීන් සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ දැණුම් මට්ටම් තව දුරටත් වැඩිදියුණු කිරීම සහ යාවත්කාලීන කිරීමේ අරමුණින් 2018 නොවැම්බර් මස 14 දින රාජගිරිය බැංකු විදු පියසේ දී තාක්‍ෂණික සැසියක් පවත්වන ලදී.















2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 නොවැම්බර් 01 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මෙහි මූලික පරාමාර්ථය වී ඇත්තේ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ අනෙකුත් අදාළ අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම් කටයුතු සඳහා බුද්ධිමය තොරතුරු ලබා ගැනීමයි.