Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

LankaCNews වෙබ් අඩවියේ පළ වූ ලිපියට මහ බැංකු අධිපති තුමාගෙන් පිළිතුරක්

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මැතිතුමා විසින් මා වෙත යොමු කරනු ලැබ ඇතැ යි සඳහන් කර LankaCNews වෙබ් අඩවියේ 2019.02.17 දින ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ ගනුුදෙනු පිළිබඳ ව පළ කරනු ලැබූ ලිපිය කෙරෙහි මාගේ අවධානය යොමු කොට ඒ සම්බන්ධයෙන් පහත කරුණු පැහැදිලි කිරීමට අපේක්ෂා කරන අතර එම ලිපිය මෙතෙක් මා වෙත ලැබී නැති බව ද මෙයින් දන්වා සිටිමි.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 ජනවාරි

නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වීම සඳහා 2018 දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව 2019 ජනවාරි මාසයේ දී  නිමි ඇඳුම් නිෂ්පාදන අංශය තුළ රැකියා නියුක්තියේ සහ නිෂ්පාදනයේ දක්නට ලැබුණු වර්ධනය හේතු විය. පැවති රැකියා පුරප්පාඩු පිරවීම සඳහා සිදු කරන ලද නව බඳවා ගැනීම් හේතුවෙන් රැකියා නියුක්තියේ මෙම සැලකිය යුතු වර්ධනය දක්නට ලැබුණි. රැකියා නියුක්තියේ වර්ධනය මෙන් ම පෙර මාසයෙන් ඉදිරියට ගෙනා ඇණවුම් හේතුවෙන් නිෂ්පාදනයේ ද වැඩි වීමක් ඇති විය.

ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම

ඉහත කරුණ සම්බන්ධයෙන් 2019 පෙබරවාරි 13 වැනි දින ඉංග්‍රීසි දිනපතා පුවත්පතක පළ වූ ලිපිය හා බැ‍ඳේ. 

ඉහත සඳහන් ලිපියේ දෝෂ සහිත සහ ‍නො මග යවන සුලු කරුණු කිහිපයක් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුවට පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පහත පරිදි පැහැදිලි කිරීමට කැමැත්තෙමු.

ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මුදල් සමාගමක් වන ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර වර්තමානය වන විට ඉතා ඉක්මනින් විසඳිය යුතු උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් ව ඇත. ආයතනය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනා ගැනීම සඳහා අවස්ථා ගණනාවක දී ප්‍රයත්න දැරුව ද එම ප්‍රයත්න තවමත් ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැත. ආයතනය වර්තමාන තත්ත්වය යටතේ ක්‍රියාත්මක වීමට ඉඩ දීම තුළින් ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ ආයතනය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ යහපත තවදුරටත් අවම වනු ඇත.

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම සම්බන්ධයෙන් සමහර වැරදි තොරතුරු සංසරණය වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක් වී ඇත. ඉහත කී ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පරිදි කරුණු පැහැදිලි කර සිටී.

ගෙවීම් කාඩ්පත් ගනුදෙනුවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම

ගෙවීම් කාඩ්පත් මගින් ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය හරහා මුදල් ආපසු ලබා ගැනීමේ පහසුව සහ ලොව පුරා සිටින වෙළෙඳුන් හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසා දෙයි. කෙ සේ වෙතත්, ATM හා කාඩ්පත් කියවීමේ යන්ත්‍ර අවභාවිත කර ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මුදල් සොරා ගැනීම සඳහා අපරාධකරුවන් හට හැකියාව ඇත. එ බඳු සිදුවීම් අවම කිරීම පිණිස ජාත්‍යන්තර ගෙවීම් කාඩ්පත් සඳහා වන ආරක්ෂක ප්‍රමිතීන් හා පරිචයන්ට අනුකූල ව ගෙවීම් කාඩ්පත් ජාලය තුළ විද්‍යුත් චිපයක් සහිත ආරක්ෂිත කාඩ්පත් (EMV) නිකුත් කිරීම  සහ සියලු ම ආකාරයේ විද්‍යුත් ගනුදෙනු කෙටි පණිවිඩ (SMS) මාර්ගයෙන් දැනුම්දීම් වැනි ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇත.

මෑත කාලයේ දී වංචනික ලෙස ගෙවීම් කාඩ්පත් භාවිත කරමින් අරමුදල් ආපසු ලබා ගැනීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා විය.  බැංකු ක්‍රමයේ සහ ගනුදෙනුකරුවන්ගේ මුදල්වල සුරක්ෂිතභාවය තහවුරු කරනු වස් දැනටමත් ගෙන ඇති ආරක්ෂිත ක්‍රියාමාර්ගවලට අමතර ව ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම සහ බලපත්‍රලාභී බැංකු යන ආයතන මේ සඳහා වැඩිදුර  ක්‍රියාමාර්ග ගෙන ඇත.

Pages