ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2017 නොවැම්බර් මස සිට අඛණ්ඩ ව පහළ යන නැඹුරුවක් පෙන්නුම් කළේ ය. ඒ අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.2ට සාපේක්ෂ ව 2016 අප්‍රේල් මස සිට වාර්තා වූ අඩු ම අගය වන සියයට 2.8ක් දක්වා 2018 මාර්තු මාසයේ දී පහළ ගියේ ය. 2018 මාර්තු මාසයේ දී පැවති සතුටුදායක සැපයුම් තත්ත්ව හේතුවෙන් ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම 2018 මාර්තු මස ලක්ෂ්‍යමය උද්ධමනයේ සිදු වූ මෙම සැලකිය යුතු පහළ යෑමට හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 7.2 සිට 2018 මාර්තු මාසයේ දී සියයට 6.7 දක්වා පහළ ගියේ ය.