කොරෝනා ව්‍යසනය හේතුවෙන් මූල්‍ය ආයතනයන්ගේ ඇතැම් ගනුදෙනුකරුවන් විසින් මුහුණ පා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ගනුදෙනුකරුවන් හට ණය සහන සහ 4% වාර්ෂික පොලී අනුපාතය යටතේ මාස දෙකක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ (2020 අප්‍රේල් 30 වැනි දිනට යෙදී තිබූ) අවසාන දිනය 2020 මැයි15 දින දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. එමෙන් ම, රුපියල් 500,000ට වඩා අඩු වටිනාකමින් යුතු වලංගු කාලය ඉක්ම ගොස් ඇති චෙක්පත්, බලපත්‍රලාභී බැංකු විසින් 2020 මැයි15 දින දක්වා වලංගු සේ සැලකිය යුතු වේ. මෙම කාල සීමා දීර්ඝ කිරීම 2020 අප්‍රේල් 28 වැනි දින නිකුත් කරන ලද 2020 අංක 06 දරණ චක්‍රලේඛය මගින් ක්‍රියාත්මක කර ඇත.