යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී (යුනියන් බෑංකුව) විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 මැයි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි යුනියන් බැංකුවට සිය ප්‍රාථමික වෙළෙඳ මෙහෙයුම් කටයුතු නැවැත්වීමට අවසර ලබා දුන් බව මහජනතාවට මෙයින් දන්වා සිටී. යුනියන් බැංකුව විසින් LankaSettle පද්ධතියේ සෘජු අලෙවිකරු සහභාගීකරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරනු ඇති අතර සිය ගනුදෙනුකරුවන් වෙනුවෙනුන් නිර්ලේඛනගත රජයේ සුරැකුම්පත් ගනුදෙනු සිදු කිරීම සහ සිය ගනුදෙනුකරුවන්ගේ ගිණුම් LankaSecure පද්ධතියේ පවත්වා ගෙන යෑම සිදු කරනු ඇත.